පෞද්ගලික ජීවිතය හා රැකියා ජිවිතය සමබර කර ගන්න අයුරු

අම්මේ බඩගිනි, තාම උයලා නැද්ද, හිටපන් ළමයෝ මම දරන් තමයි ගෙදර ආවේ

 

 

මොනවාද අනේ ගෙදර ඇවිල්ලාත් තාම ඔයා ඇදුම් ගලවගත් නැ නේ, ආපු වෙලාවේ ඉදන් කොල් එකක නේ, අපි එක්ක කතා කරන්න ඔයාට වේලාවක් නැද්ද

 

මේ අද සමාජයේ සමාජ කුලකය ගත් විට ගොඩක් ගෙවල් වලින් අපිට අසන්නය ලැබෙන පොදු හුවමාරුවකි. අද සමාජයේ තිබෙන ආර්ථික මට්ටම සමග පවුල තුල ආර්ථික ගැටළු ඉහළ මට්ටමක පවති. එයට හේතුව ඩොලරයක විකුණුම් මිල ඉහළ මට්ටමක පවතින නිසාය. මේ නිසා පවුලේ සියළුම කටයුතු කිසිම ගැටලුවකින් තොරව සමබරව කරගෙන යාම සඳහා ස්වාම් පුරැෂයා හා භාර්යාව රැකියා කටයුතු වල නිරත වෙ.

 

  • ආර්ථික ගැටලු වලින් තොර සමබර සාමකාමී පවුල් ජීවිතයක් ගත කිරීම.
  • තමුන් පණ සේ ආදරේ කරන තමුන්ගේ දරුවන්ට අගහිඟකම් නැති ජිවිතයක් ගත කිරීමට අවශ් පරිසරයක් ලබා දිම.
  • දරුවන්ගේ අනාගතය වැඩි දියුණු කර ගැනිම සදහා අවශ්‍ය හොද අධ්‍යාපනයක් ලබා දිම

 

වැනි දේවල් ඉටු කර ගැනිම සදහා අද බොහෝ දෙමාපියන් රැකියාවන් වලට යොමු වෙ.

 

කාර්යාලය යනු, තාම ඉටු කරන කාර්යය සදහා නියමිත වේතනයක් හෙවත් වැටුපක් ලබා දෙන ස්ථානයකි. කාර්යාලය තුල සේවය කරන සේවකයන් වෙනම පරිසරයක් තුළ පැය ගණනාවක් ජිනත් වෙයි. කාර්යාලය තුල තම සේවකයන්ට නියමිත ලෙස වැටුප් ගෙවිමට කළමනාකරණ මණ්ඩලය වගබලා ගනි. වර්තමාන සේවකයින්ට නියමිත වැටුප් වෙිතන හා දිරිදිමනා වලට අමතරව බොහෝ සුභ සාධන පහසුකම් සපයයි.

* අධ්‍යාපන පහසුකම් (education facilities)

*වෛද්‍ය පහසුකම් (medical facilities )

* නිවාස පහසුකම් (Hosing facilities )

* ණය පහසුකම් (loan facilities) 

වැනි දේවල් අද කාර්යාල සේවකයන්ට ලබා දෙයි.

පවුල් කුටුම්භය යනු, දෙමාපියන් සමඟ දරුවන් වාසය කරන ව්‍යුහයකි. අතීතයේ ස්වාම් පුරැෂයා,භාර්යාව එනම් දෙමාපියන් දෙදෙනා තම දරුවන් සමග සමඟ රාත්‍රී ආහාරය ඒකට අනුභව කළෝය. දෙමව්පියන් දරුවන් සමඟ ඔවුන්ගේ දේවල් රාත්‍රී ආහාරයෙන් පසු කතා බහා කර ගත්තා්ය. නමුත් අද මේ තත්වය මිරිගුවක් බවට පත් වි ඇත.

වර්තමානයේ රැකියා ජිවිතය මුල් කරගෙන ජිවත් වන මිනිස් සමූහය තමයි අද අපිට දක්නට ලැබෙන්නේ. අද රැකියා කරන බොහෝමයක් එහි අර්ථය නොදැන කටයුතු කරන නිසා පවුල් ජිවිත තුල විවිධාකාර ගැටලු ඇති වේ. අනික් අතට ගත්තාම කාර්යාල වේලාවන් තුළ පෞද්ගලික වැඩ වල නිරත විම නිසා කාර්යාලය තුල බොහෝ ගැටලු පැන නගි. අද බොහෝ රැකියා පාර්ශ්වයන් තමාට පවරා ඇති කාර්යය සේවා ස්ථානය තුල පැහැර හැරීම නිසා කාර්යාලයේ කාර්යාල චක්‍රය අඩපණ වේ.

* කාර්යාල වේලාවන්හි පෞද්ගලික ගමන්බිමන් යෑම. 

* සේවා ස්ථානයේ සිටින අනිත් මිතුරන් සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනිම. ( ඔපාදුප කියවිම)

* තමාට නියමිත රාජකාරි කොටස මගහැර යාම. 

මෙවැනි සාධක නිසා කාර්යාල වැඩ කටයුතු අතපසු වේ. මේවැනි ⁣පෞද්ගලික කටයුතු කරන්නට යෑමෙන් රැකියාවට අදාළ කාර්යාල නියමිත වේලාවන්හි ඉටු කිරීමට නොහැකි වේ.

තවත් පැත්තකින් බලන විට කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉහළ කළමනාකරුගේ පැසසුමට ලක්විමට ලකුණු දාගෙන වැඩ කරන අය බොහෝ සිටිති. අපෙ වචනයෙන් බොසාට එක දාගෙන ඉන්න අය/ බොසාට ගොට්ට අල්ලන අය අද බැලු බැලු තැන දක්නට ලැබේ. මොවුන් කාර්යාල වැඩ හිසෙහි තබා ගෙන සිටිති. මෙවැනි දේවල් වලදි නිවෙස් වල එම කාර්යය කරන්නට යන නිසා ගෙදර දොරේ නොයෙකුත් වැරදි කතා බහා ගැටුම් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇත. කාර්යාල වේලාවෙදි ඒ රාජකාරිය නියමිත පරිදි ඉටු කර ගැනිමට අප කවුරුත් වෙහෙස විය යුතුය. නියමිත වේලාවන්හි පෞද්ගලික වැඩ නොකර තමාගේ කටයුතු නිම කිරීමට වග බලා ගත යුතුය. ඒ වැනි පරිසරයක් බිහි වුවොත් කාර්යාල වැඩ කටයුතු නිවෙස් කරා රැගෙන යාමට අපට අවශ්‍ය නොවේ. මෙම චර්යාව දිගින් දිගටම කිරිම තුලින් පෞද්ගලික හා රැකියා ජිවිතය අතර ගැටලු ඇති නොවේ.

පෞද්ගලික ජීවිතයට මූල් තැන නොදීම නිසා පවුල් ජිවිතය තුල විවිධ ගැටලු ඇති වේ. පවුල් ජිවිතය තුල දෙමාපියන් තම දරුවන්ට හොද අධ්‍යාපනයක් පමණක් ලබා දීමෙන් පමණක් සැහිමකට පත් නොවිය යුතුය. එනම් හොද අධ්‍යාපනයට අමතරව ආදරය, රැකවරණය , සෙනෙහස වැනි දේවල් දරුවන් දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙ. නමුත් අද බෙහෝ දෙමාපියන් කාර්යාල වැඩ කටයුතු ගෙදර ගෙනැවිත් සිදු කිරිම නිසා දරුවන් දෙමාපියන්ගෙන් ඇත් ⁣විමට ඇති ඉඩකඩ වැඩි වෙයි. දෙමව්පියන්ගේ ඇත් වු දරුවන් තම කාලය ගත කිරිම සදහා විවිධ දේවල් වලට යොමු වේ. දරුවන් තම කාලය සමාජ වෙබ් අඩවි ( Social media)තුළ ගෙවා දමයි. මෙවැනි අවස්ථා වලදි සමහර දරුවන් වැරදි වැඩවල නිරත ව් වැරදි කටයුතු කිරිමට පෙළබෙයි. තවත් අතකින් සමහර ගැහැණු දරුවන් තමා නොලැබෙන ආදරය වෙනත් පුද්ගලයන්ගේ බලාපොරොත්තු වෙයි. මෙවැනි ගැහැණු දරුවන් 90% බොහෝ විට ආදරය බලාපොරොත්තු වන්නේ වැරදි පුද්ගලයන්ගෙනි. මෙවැනි වැරදි චර්යාවන් මගහැර ගැනීම සඳහා දෙමව්පියන් නිවසේ කරා ආ පසු ගෙදර අනෙකුත් වැසියන් සමඟ කාලය ගත කළයුතුයි. ඒම අවස්ථා වලදී දරුවන් දෙමව්පියන්ට ලං වෙන අතර වැරදි වැඩ කිරිමට ඇති ඉඩකඩ සීමා වෙයි.

 

* පවුල් ජිවිතය තුල රැකියා ජිවිතය පටලවා ගැනිම නිසා වර්තමාන පවුල් තුල ආරවුල් ඇති වේ 

* දෙමාපියන් රැකියා ජිවිතයට මුල් තැන දිම නිසා පාසල් දරුවන් නොමග යයි. 

* රැකියා ස්ථානයේ නියමිත වැඩ කොටස සිදු නොකිරීම නිසා රැකියා චක්‍රය අතරමග ඇනහිටි.

 

 

රැකියා ජිවිතය හා පෞද්ගලික ජිවිතය පටලවා නොගෙන සමබරව කරගෙන යාමට අප කවුරුත් වැඩ කල යුතුය. එමගින් යහපත් පැහැදිලි අනාගතයක් අප කාටත් ලගා කර ගත හැක.

Development, Employees