සමාගම් සංස්කෘතිය – මම රැකබලා ගත යුතුද?

ඔබ යම් ආයතනයක සේවකයෙක් ද? ඔබේ සේවය එකී ආයතනය තුළ දිගු කාලයක් පවත්වාගෙන යාමට නම් පළමුව ඔබ ආයතනික සංස්කෘතිය පිළිබඳ දැනුවත් විය යුතුයි.ආයතන සංස්කෘතිය පිළිබඳ කතාබහ කිරීමේදී එය මෙසේ අර්ථ කථනය කළ හැකිය.
” ආයතනික සංස්කෘතිය යනු සමාගමේ සේවකයින් සහ කළමනාකාරිත්වය ව්‍යාපාරික ගනුදෙනු වලින් බාහිර ව කටයුතු කිරීම සහ කළමනාකාරිත්වය තීරණය කරන ආකාරය විශ්වාසයන්  හැසිරීම් පිළිබඳවයි. එම සමාගමේ සංස්කෘතිය ඒ ඇඳුම් පැළඳුම්, ව්‍යාපාරික වේලාවන්, කාර්යාල සේවක ප්‍රතිලාභ තීරණ ගැනීම, ගනුදෙනුකරුවන්ගේ සැලකීම, සේවාලාභීන්ගේ තෘප්තිය සහ අනෙකුත් මෙහෙයුම් අංශ මේ යටතේ පිළිබිඹු වේ”.

වර්තමාන සමාජය තුළ විවිධ ආකාරය රැකියා දැක ගන්නට පුළුවනි එකේ සෑම රැකියාවක් තුළම ඊට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගී ඇත . එම සංස්කෘතිය ඔබ නිසි ලෙස හඳුනා ගත්තත් එය ආරක්ෂා කරන ක්‍රමවේදය පිළිබඳ ඔබට නිසි දැනුමක් නො තිබෙන්නට පුළුවනි. එසේ නම් සංස්කෘතිය ආරක්ෂා කරගන්නේ කෙසේද? අපි දැන් ඒ පිළිබඳ අවධානය යොමුකර ඒ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.
1) ඔබේ කණ්ඩායම කුඩා කරන්න
2) ඔබේ කණ්ඩායම කරන කාර්යය ගැන වැඩි අවධානය යොමු කරන්න.

3) ඔබේ සමාගමේ සංස්කෘතිය සඳහා සුදුසුම අය තෝරා ගන්න.
4) ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න.
5) ඔබේ සේවකයින් සඳහා ව්‍යාපාරයේ විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන්න සමාගම කුමක් කරන්නේ දැයි ඔවුන්ට දැනගන්නට ඉඩ හරින්න.

1) ඔබේ කණ්ඩායම කුඩා කරන්න.
ඔබේ සමාගමට සේවකයින් බඳවාගැනීමේදී බහු දෙපාර්තමේන්තුව ව්‍යුහයට යට නොවී ව්‍යාපාරය ඉලක්ක සපුරාගත හැකි අන්දමේ බලසම්පන්න පිරිසක්තෝරාගන්න කණ්ඩායමේ සහයෝගීතාවය ආරක්ෂා කරගන්න. කණ්ඩායම අතර සන්නිවේදනය පුළුල් කරන්න. ව්‍යාපාර අරමුණු වේගවත් කිරීම සඳහා ඊට සුදුසු කණ්ඩායම් තෝරා ගන්න.

2) ඔබේ කණ්ඩායම කරන කාර්යය ගැන වැඩි අවධානය යොමු කරන්න.

ඔබේ කණ්ඩායම යම් කාර්යයක නිරත වනවා නම් ඔවුන් සමඟ කාලය ගත කරන්න. ඒ සඳහා පොදු ස්ථාන තෝරා ගන්න. කණ්ඩායමේ කාර්යක්ෂමතාව පිළිබඳ විමසිලිමත් වන්න. ආයතනයේ ප්‍රතිපත්ති නිසි  ලෙස පවත්වා ගැනීම සඳහා මෙය ඉතාමත් වූ ක්‍රමවේදයකි.
3) සමාගමේ සංස්කෘතිය සඳහා සුදුසු අය තෝරා ගන්න.
කණ්ඩායම පුළුල් වනවිට නව කණ්ඩායම් සාමාජිකයන් බඳවාගැනීම කළමනාකරුවන්ගේ හෝ සුපරීක්ෂකවරුන් වෙත පවරනු ලබන ක්‍රියාවලියකි. එහිදී දක්ෂතාවය ආකල්ප හා පෞරුෂත්වය ඇගයීම බඳවාගන්නා ක්‍රියාවලියට ඇතුලත් කරන්න. සමාගමේ වටිනාකම පදනම් කරගෙන සම්මුඛ පරීක්ෂණ සිදු කරන්න. ව්‍යාපාර වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. එවිට සමාගම සංස්කෘතිය ඔවුන් නිතැතින්ම හැඩ ගැසෙනු ඇත.
4) ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න.
සේවකයන්ගේ සේවා කාලීය දිගු කිරීම සඳහා අතිරේක ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කරන්න. අමතර කාලය යොදවා වැඩ කිරීම වෙනුවට අඩු කාලයකින් වැඩි වැඩ කොටසක් නිම කෙරෙන අයුරු ඔවුන්ට අවබෝධ කර දෙන්න.
5) ඔබේ සේවකයින් සඳහා ව්‍යාපාරය විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන්න.
ඕනෑම ව්‍යාපාරයක් යම් යම් සංක්‍රාන්ති වලට මුහුන දීම සාමාන්‍ය කරුණකි. නව කළමනාකරුවන් ව්‍යාපාරයට එකතු වීම, නව සේවක පිරිස් ව්‍යාපාරයට ඇතුලත්වීම. බොහෝවිට මේවා ව්‍යාපාරය පුළුල් වන හේතු වන අතර සේවකයින් අතර විවිධ මත වාද කැළඹිලි ඇතිවීමටද ව්‍යාපාරය වෙනස්වීම් හේතුවිය හැකිය. එසේ නොවීමට වගබලාගැනීම සිදු කළ යුතු වේ.
2015 වර්ෂයේදී Harvard Business Review සඟරාව මඟින් සාර්ථක ව්‍යවසායක සංස්කෘතියෙහි වැදගත් ලක්ෂණයක් හඳුන්වාදී ඇත එකී කරුණු හය නම්,
1) දැක්ම – Vision
2) සාරධර්ම – Values
3) ජනතාව – People
        4) ස්ථානය – Place
5) වෘත්තාන්තය – Features
ආයතනික වටපිටාව තුළ ගොඩනැඟෙන නිසි දැක්ම පරිපූර්ණ සාරධර්ම කාර්යක්ෂම ජනතාව කැපී පෙනෙන ස්ථාන සහ වෘතාන්ත ඇතුලත් සංස්කෘතිය නිසි ලෙස රැක බලා ගැනීමෙන් ව්‍යාපාරයේ දියුණුවත්  සමාජයේ ආර්ථික පසුබිමත් වර්ධනය වනු නිසැකයි. මෙකී වටිනාකමකින් යුත් ව්‍යාපාරයෙහි ආයතනයේ සංස්කෘතිය නිසි ලෙස රැක බලා ගැනීමේ වගකිම ඔබ සතුයි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Uncategorized