වැටුප් සාකච්ඡා ශිල්ප ක්රම

මෙදා සැරේ Interview එක නම් සාර්ථකයි…

ඔබ තවමත් රැකියාවක් සොයමින් සිටින අයෙක්ද? වත්මන් සමාජයේ රැකියා වෙළදපොළට පවතින්නේ ඉතාමත් ඉහළ ඉල්ලුමක්. පවතින ආර්ථිකයෙහි ඇති සංකීර්ණතාවය හේතුවෙන් විවිධාකාර රැකියා සමාජය තුළ බිහිව තිබුණත් එකී රැකියා අතරින් ඔබට සරිලන රැකියාවක් සොයා ගැනීම එතරම් පහසු නොවේ.රැකියාවක් තෝරා ගැනීමේදී බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන්නේ කුසලතා හා අත්දැකීම් මත සරිලන වැටුපක් ලබාගත හැකිද යන්නයි.
එසේනම් ඵලදායි ආකාරයකින් සේවායෝජකයා සමග වැටුප් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔබට යොදාගත හැකි නවතම ශිල්ප ක්‍රම කීපයක් අද අප හදුන්වා දීමට සූදානම්.
ඔබේ සම්මුඛ පරීක්ෂණයේදී වඩාත් ඵලදායි වැටුප් සාකච්ඡාවක් සඳහා පදනම දැමීම මෙසේ ආරම්භක හැකියි.

 

 

 


1)
හොඳින් සූදානම් වන්න.
2)
දත්ත මත ඔබගේ අවම පිළිගතහැකි වැටුපක් සකස් කරන්න.
3)
හැකිනම් ඊ-මේල් හරහා ඔබේ ප්‍රතිපාදන ඉදිරිපත් කරන්න.
4)
ඔබේ වත්මන් හෝ අපේක්ෂිත වැටුප හෙලි නොකරන්න.
5)
ප්‍රතිලාභ සාකච්ඡා කරන්න.
6)
මූලික වැටුප සහ ප්‍රතිලාභ උපරිම වන තෙක් සාකච්ඡාව පවත්වා ගෙන යන්න.
7)
කාලය ගන්න.


1) හොඳින් සූදානම් වන්න.
වැටුප් සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියට ආරම්භ කිරීමට පෙර අදාළ සමාගමේ වැටුප් පරාසයන්, ප්‍රතිපාදන අත්දැකීම හා අදාළ සමාගමට පවතින ඉල්ලුම ආදිය තොරතුරු පිළිබඳ දැනුවත් වන්න. අදාල සමාගම ඔබට කොපමණ වටිනාකමක් ගෙන දෙන්නේ දැයි සිතා බලන්න.එය ඔබේ සංවාදයට රාමුවක් ලෙස ඔබට උපකාර විය හැකියි.
එමෙන්ම මේ සඳහා ඔබේ කථන හැකියාව ආත්ම විශ්වාසය දිනා ගැනීමටත් වැඩිදියුණු කිරීමටත් ප්‍රයෝජනවත් වනු ඇත.
කථන හැකියාව වර්ධනය කරගැනීම සඳහා විකල්ප ක්‍රම වශයෙන් ඔබේ කැමරාව, කැඩපත, නැතහොත් මිතුරෙකු ඔබට යොදාගත හැකියි.
ඔබේ මෙම සූදානම තුළ විශ්වාසය ඇති කර ගැනීම ඉතාමත් වැදගත් බව මතක තබාගන්න.

2) දත්ත මත ඔබගේ අවම පිළිගතහැකි වැටුපක් සකස් කරන්න.
රැකියා ඉල්ලුම් පතක් ලබා ගැනීමට පෙර ඔබ ලබාගත් දත්ත මත ඔබගේ අවම වැටුප සකස් කිරිම ඉතාම වැදගත් වේ.
සම්මුඛ පරීක්ෂණය අතරතුර ඔබගේ සේවායෝජකයා ඔබේ අවම පිළිබඳ විමසා සිටියහොත් එහිදී ඔබ සකසා ගත වැටුප් පරාසය ලබාදිය හැකියි. ඔබේ මූලික අවශ්‍යතාවයන් හා ඔබේ අත්දැකීම් මත පදනම් කරගත් කාර්යභාරය පිළිබඳ ඔවුන් සමඟ ඉතාමත් නම්‍යශීලීව කතාබහ කිරීම සුදුසු වෙයි.
ඔබේ නම්‍යශීලීත්වය තුළ ඔබට අවශ්‍ය වැටුප ලබා දීමට සේවායෝජකයාට නොහැකි වුවත් වෙනත් ආකාරයකින් එම කරුණු පිළිබඳ සලකා බැලීමට සේවායෝජකයා කටයුතු කරයි. නිදසුනක් වශයෙන් අතිරේක නිවාඩු ලබාදීම, කාර්යාල වේලාව සිදුකරන සාකච්ජා නිවසේ සිට සිදු කරගෙන යෑමට අවස්ථාව ලබාදීම ආදිය වේ. මෙලෙස විකල්පයන් ඉල්ලා සිටීම පිළිබඳ කිසි විටෙකත් ඔබ ලැජ්ජා නොවිය යුතු අතර එය සමහර විටෙක ඔබ ගන්නා පඩිපතට වඩා වටිනාකමක් විය හැකිය.

3) හැකිනම් ඊ-මේල් හරහා ඔබේ ප්‍රතිපාදන ඉදිරිපත් කරන්න.
ඔබේ සේවා සැපයුම ගණනය කළ හැකි පරිදි ඊ-තැපැල් ලිපිනයක් හරහා ඔබේ ප්‍රතිපාදන ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඊමේල් ලිපිනය හරහා ඕනෑම කෙනෙකුට ඔබගේ ප්‍රතිපාදන ඉදිරිපත් කළ හැකි බැවින් මෙය ලේඛනයක් සකස් කොට සේවායෝජකයාගෙ දැනුවත් භාවය මත සමාගමේ අදාළ කළමනාකාර අංශ වෙත බෙදා හැරීමට කටයුතු කරන්න.එය සේවායෝජකයාට ඉතාමත් පහසු වනු ඇත.

4) ඔබේ වත්මන් හෝ අපේක්ෂිත වැටුප හෙලි නොකරන්න.
සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේදී ඔබේ වත්මන් හෝ අපේක්ෂිත වැටුප නිතරම ඔබේ සේවායෝජකයා ඔබගෙන් විමසනු ඇත.මෙය වැටුප් සාකච්ඡාවක් ක්‍රමයක් බැවින් කිසිදු විටකත් ඔබ අපේක්ෂිත වැටුප ප්‍රකාශ කිරීම සුදුසු නොවෙයි. මෙවැනි අවස්ථාවකදී සේවායෝජකයාගෙන් ඔබට මෙසේ විමසිය හැකියි. “මෙම තනතුර සඳහා සාමාන්‍ය වනු ලබන්නේ කුමන වැටුපක් ද?” යන්නයි. ලැබෙන පිළිතුර මත අවශ්‍ය නම් පමණක් පෙර කී පරිදි ඔබ සකසාගත් අවම වැටුප ඔවුන්ට ඉදිරිපත් කළ හැකියි.

5) ප්‍රතිලාභ සාකච්ඡා කරන්න.
රැකියාව හැමවිටම මුදල් නොවෙයි. වැටුපක් නොලැබුනත් සාකච්ඡා කළ හැකි සේවක ප්‍රතිලාභ සහ වරප්‍රසාද තිබේද යන්න සලකා බලන්න. යම් විටක එය ඔබට මුදල් වලට වඩා වටිනාකමක් ලබාදෙයි.

6) මූලික වැටුප සහ ප්‍රතිලාභ උපරිම වන තෙක් සාකච්ඡාව පවත්වා ගෙන යන්න.
ඔබ ඔබේ ප්‍රති විශ්ලේෂණය ඔබේ සේවායෝජකයාට ඉදිරිපත් කළ පසුව ඉල්ලුම්පත හා යෝජනා සලකා බලා යම් ප්‍රතිචාරයක් සේවායෝජකයා විසින් ලබා දෙනු ඇත. කෙසේ හෝ මෙහි දී ඔවුන්ගේ ප්‍රතිචාරය ඉහළ අගයක් වීමට නම් සාකච්ඡාව උපරිමය තෙක් පවත්වාගෙන යාමට අවශ්‍ය බව මතක තබා ගන්න.

7) කාලය ගන්න.
ඔබට මෙම දීමනාව ලැබුනු පසු ඔබ එය වහාම පිළි ගැනීමට අවශ්‍ය නැත. සරලව පැවසුවොත් “මම එය සිතා බැලිය යුතුයි” යන්න ඔබට ඔබේ සේවායෝජකයාට පැවසිය හැකියි. ඉන් ඔබට ඔබේ මුල් ඉල්ලීමට වඩා වැඩි යමක් ලබාගත හැකියි.
මෙසේ හොඳින් සිතා බලා ඔබේ සේවායෝජකයා සමග වැටුප් සාකච්ඡා කිරීම සුලබ වඩාත් ශක්තිමත් රැකියා අපේක්ෂකයෝ බව ඔවුන්ට හැඟී යනු ඇත එය ඔබට ඉතාමත් වාසිදායක වන අතර ඵලදායි වැටුප් ලබා ගැනීමක් සඳහා මෙම ශිල්ප ක්‍රම නිසි පරිදි පිළිපැදීමෙන් ඉතාමත් වැදගත් වේ.

සැකසුම – බිනාලි රාජපක්ෂ

company culture