හොඳ සේවකයෙකුගේ ලක්ෂණ….

ගෝලීයකරණය, තරඟකාරීත්වය හා ඵලදායිතාව සඳහා ඇති කැපවීම වර්තමානයේ ව්‍යාපාරික ලෝකයෙහි වෙනස්කම් සඳහා හේතු වන ප්‍රධාන හේතුසාධක කිහිපයකි.මෙවන් සමාජ වටපිටාවක් තුළ බොහෝ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් ව්‍යාපාර චක්‍රය ගැටළුකාරී තත්ත්වයකට පත් කරයි . ඊට ප්‍රධානතම හේතුව වන්නේ ව්‍යාපාරික සමාජය පිළිබඳ ඔවුන් සතු අල්ප අවබෝධයයි.
රැකියා පුරප්පාඩු සඳහා ව්‍යාපාරයකට අවශ්‍ය සේවකයන් බදවා ගැනීම ඉතාමත් තීරණාත්මක මෙන්ම බොහෝදෙනා මුහුණදෙන ගැටලූකාරි අවස්ථාවකි. ආයතනික කාර්යයන් සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු සේවකයකු ව්‍යාපාරයට බදවා ගැනීම අදාළ සංවිධානයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානුකූලව සිදු කළයුතු අතර එය ඉතා සැලකිලිමත්ව සිදු කළ යුතු වේ.
වර්තමානයේ පුද්ගලයින් සතු කුසලතාවයේ ඇති තරඟකාරීත්වය නිසා මෙම බඳවා ගැනීම අභියෝගයට ලක්ව ඇති බැවින් මෙය නිවැරදි ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතු බව මතක තබාගන්න.
කෙසේ හෝ සේවකයන් බදවා ගැනීමේදී එම සේවකයන් අතරින් හොඳ සේවකයෙකු කවුරුන්ද යන්නත්, ඔහු/ ඇය සතු ගුණාංග මොනවාද යන්නත් හඳුනාගැනීම ඔබට යම් අභියෝගයක් විය හැකිය. ඔබේ සමාගම තුළ විශිෂ්ටත සාමාජිකයින්ගේ සංචිතයක් ගොඩනගාගත් පසු, එම පිරිස නිවැරදිව හඳුනා ගැනීමටත්, රැකියා තෘප්තිය ඉහළ නැංවීමට එමගින් හැකිවනු ඇත.
එසේ නම් අද අප සූදානම් වන්නේ සාර්ථක සේවකයින්ගේ උසස් තත්ත්වයේ ගති ලක්ෂණ පිළිබඳ නිසි අවබෝධයක් ඔබට ලබා දීමට යි .

එම ගුණාංග කිහිපය මෙසේ සඳහන් කළ හැකිය.

1. නායකත්වය
2.
සංවිධානාත්මක බව
3.
විශිෂ්ට ලිඛිත හා වාචික සන්නිවේදනය
4.
බුද්ධිය
5.
අවංකත්වය
6.
නම්යශීලීත්ව
7.
ධනාත්මක චින්තනය
8.
විනයානුකූල බව
9.
නිර්මාණශීලිත්වය
10.
සුපරීක්ෂාකාරී බව

1. නායකත්ව කුසලතා

සාමාන්‍යයෙන් නායකත්ව ගුණාංග පෙන්වන සේවකයන් ඔබේ සංවිධානයට දිගුකාලීනව බදවා ගැනීමෙන් ආයතනයේ අනාගත තනතුරු, නායක කණ්ඩායම්, හා නව කණ්ඩායම් සාමාජිකයින් පුහුණු කිරීමටත් රැකියා ස්ථානයේ ඵලදායිතාව ඉහළ නැංවීමටත් මහත් සේ උපකාර වේ.

2. සංවිධාන කුසලතා

සංවිධානය යනු වඩා හොඳ කාර්යක්ෂමතාවයක් සහිත පාරිභෝගිකයින් සහ ගනුදෙනුකරුවන් අතර ඔබේ සමාගමේ කීර්තිය ඉහළ නංවා ගත හැකි කුසලතාවයකි.
සේවකයින් ස්වාභාවිකව නායකයන් නොවූවත් සංවිධානාත්මක සේවකයින් ඔබේ සමාගමට යම් ප්‍රතිලාභයක් එක් කරයි.

3. විශිෂ්ට ලිඛිත හා වාචික සන්නිවේදනය

සෑම සාර්ථක සේවකයකුගේ සන්නිවේදන කුසලතාව ප්‍රධාන අංගයකි. ලිවීමේ කුසලතා සහ කථන හැකියාව (ඇස් ස්පර්ශය භාවිතයෙන්) බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ සොයා බැලීම ඉතාම වැදගත් වේ. විකුණුම් කාර්යභාරය පිරවීම, කළමනාකාරිත්වය, පාරිභෝගික සේවා කාර්යභාරය හෝ නිර්මාණාත්මක තත්ත්වය, හොඳ ලිඛිත හා වාචික සන්නිවේදන හැකියාවන් ඔබේ සමාගමට නව මුහුණුවරක් එක් කරයි.
තවද මෙම සේවකයින් ගනුදෙනු කරුවන්
හා පාරිභෝගිකයන් අතරහොඳ සබඳතා වර්ධනය කිරීමටත් විශ්වාසනීයත්වය ගොඩනැංවීමටත් දක්ෂ ලෙස සන්නිවේදනය යොදා ගනී.

4. බුද්ධිය

බුද්ධිය රැකියා කාර්යය සාධනය පිළිබඳ ප්‍රබල පුරෝකථකයකි. සමාජයීය හා චිත්තවේගීය ලෙස අන් අය සමඟ සම්බන්ධ වීමට තියුණු හැකියාවන් අපේක්ෂා කළ හැකි අපේක්ෂකයින් ඔබේ සමාගමේ කීර්ති නාමය වැඩි දියුණු කරයි.

බුද්ධිමත් සේවකයින් ඔබේ උසස් තත්ත්වයේ අලෙවිකරණ කුසලතා සහ ශක්තිමත් පාරිභෝගික සබඳතා පවත්වා ගනිමින් නව තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් ඔබේ ආයතනය ඉදිරියට ගෙන යනු ඇත.

5. අවංකත්වය

හොඳ සේවකයෙකුගේ වඩාත් වටිනාම ගුණාංගයකි අවංකබව .වෙහෙස මහන්සි වී වැඩ කරන, අවංක, අධිෂ්ඨානශීලී සේවකයින් සොයා ගැනීම එතරම් පහසු නොවන කාර්යයක් නොවුනත් ආයතනයේ දියුණුව උදෙසා මොවුන්ගේ අවංකත්වය විශාල මෙහෙයක් ඉටු කරයි.

6. නම්යශීලීත්ව

මෙය හොඳ සේවකයෙකු සතු තවත් වැදගත් ලක්ෂණයකි. මෙයින් අදහස් කරන්නේ ඔබගේ සේවකයාට අවශ්‍ය වෙනස්කම් වලට සරිලන පරිදි හැඩගැසීමට හැකි බවයි. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂේත්‍රයෙන් පිටත සිටියදී පවා ඊට අනුකූලව කටයුතු කළ හැකි නම්යශීලී සේවකයින් නිතරම ගනුදෙනුකරුවන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වයට වටිනාකමක් එක් කරයි.

7. ධනාත්මක චින්තනය

ධනාත්මක හා ශුභවාදී සේවකයන් ආයතනයට නිරන්තරවම නැවුම් බවක් ලබා දෙයි. ඔවුන් සෑම විටම සිනහවෙන් යුතුව විවේචන පිළිගනී. එබැවින්
ඔවුන්ගේ ප්‍රීතිමත් හැසිරීම ව්‍යාපාර පසුබිම කෙරෙහි ධනාත්මක අගයක් එක් කරයි.

8. විනයානුකූල බව

යම් සේවකයකුගේ විනයානනුකූල බව ඔහු/ ඇය සතුව ඇති සුවිශේෂත්වයකි. කාර්යාල භූමිය තුළ ඇතිවන උද්ඝෝෂණ ගැටළු වැනි තත්ත්වයන් වැනි තත්ත්වයන් මගහරවා ගැනීමට මෙම විනයානුකූල චර්යාවන් මහත්සේ උපකාරී වේ.

9. නිර්මාණශීලිත්වය

ඕනෑම ආයතනයක හෝ සංවිධානයක ගැටලුකාරී තත්ත්වයන් පැන නැගීම සාමාන්‍ය කරුණකි. කිසිදු සැලසුමකින් තොරව ආයතනික කටයුතු සිදු වන්නේ නම් එවැනි අනපේක්ෂිත තත්වයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවන්හිදී රැකියා කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නිර්මාණශීලී චින්තකයින්ගේ අද්විතීය විසඳුම් එම ගැටලුකාරි අවස්ථාවන් මගහරවා ගැනීමට මහත් දායකත්වයක් සපයයි.

10. සුපරීක්ෂාකාරී බව

ආයතනික කාර්‍යයන්වල නිරත වීමේ දී එම කාර්‍යයනට දක්වන සුපරීක්ෂාකාරී බව වැරදි අඩුපාඩු ඉවත් කරගැනීමට ඉතාමත් උපකාරී වේ.

මෙම වටිනා ගුණධර්ම ව්‍යාපාර ජීවිතයට මෙන්ම පෞද්ගලික ජීවිතයටත් යහපත් පුරවැසියකු බිහි කිරීමෙහිලා උපයෝගී වෙනවා නිසැකයි.

සාරාංශය

ඕනෑම ආයතනයකට හෝ සමාගමකට සේවකයන් බඳවාගැනීමේදී එම ආයතනයේ සංස්කෘතිය, කාර්යය, විෂයය, විවිධත්වය, අවශ්යතාවය, ස්ථාවරත්වය මෙන්ම සේවක ගුණධර්ම අඛණ්ඩ ලෙස පවත්වා ගැනීම ඉතාම වැදගත්.
ආයතනයේ සාර්ථකත්වය උදෙසා සේවකයකු සතු මෙම යහපත් ගුණාංග ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමටත් ආයතනයේ සංවර්ධනයටත් මනා අත්වැලක් සපයාවි.

සැකසුම –
බිනාලි රාජපක්ෂ

company culture, Development, Employees