ඵලදායී ලෙස රැස්වීමකට සත්කාරකත්වය සැපයීම

රැස්වීමක් සාර්ථක ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද? මෙන්න ඔබට ඒ සඳහා උපදෙස් කිහිපයක්…

“මොකෝ අද late… ඔව් අනේ අද අපේ ඔෆිස් එකේ meeting එකක් තිබ්බා…හපෝ ඔය meeting ගැනනම් කතා කරලා වැඩක් නෑ … ඒ ඇයි??? …. ”

ව්‍යාපාරයක සාර්ථකත්වය කෙරෙහි බලපානු ලබන එක් ප්‍රධානතම අංගයක් ලෙස ව්‍යාපාරික රැස්වීම් නම් කළ හැකිය. මෙකී රැස්වීම් තුළින් සහභාගීත්වයට සම්බන්ධ සියලු දෙනාගේ දක්ෂතා, හැකියාවන් හා අදහස් දැන හඳුනා ගැනීමටත් සමාගමේ කාලය හා මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමටත් මෙමගින් හැකි වනු ඇත.
එහෙත් අද පවතින බොහෝ ආයතනයන්හි ඇති අක්‍රමිකතා හා අසංවිධානාත්මක බව නිසා පවත්වන රැස්වීම් සඳහා සහභාගී වන පිරිස ඉතාම අඩු මට්ටමකට පත්ව ඇත.
එසේනම්
වඩා ඵලදායී ලෙස රැස්වීම් පවත්වා ගත හැකි ආකාරය ගැන දැනුවත් වීම තුළින් ඔබට සමාගමේ ඵලදායිතාවය වැඩිදියුණු කළ හැකි වනු ඇත.
අද අප ඔබට ඉදිරිපත් කරන්නේ ඵලදායී රැස්වීම් පවත්වා ගෙන යාම සඳහා වන ක්‍රමවේදයන් කිහිපයක් පිළිබඳව යි.

එම ක්‍රමවේදයන් කිහිපය මෙසේ පෙළ ගැස්විය හැකිය.

ඔබේ පරමාර්ථය පැහැදිලි කරන්න.

  1. කාලසටහනට අනුකූල වන්න.
  2. සටහන් තබන්න.
  3. රැස්වීමට සහභාගි කරවා ගන්නා පිරිස කවුරුන්ද යන වග සිතා බලන්න.
    5.
    නියමිත වේලාවට පටන් ගන්න.
  4. මිත්‍රශීලී සන්නිවේදනය භාවිතා කරන්න.
  5. බාධක ඉවත් කරන්න.

 

ඔබේ පරමාර්ථය පැහැදිලි කරන්න.

රැස්වීමකට නිශ්චිත අර්ථ දැක්වීමක් හා ඉලක්කයක් අනිවාර්යෙන්ම තිබිය යුතුවේ. රැස්වීමක් ආරම්භ කිරීමට පෙර, රැස්වීමෙන් ඉටු කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද? කළමනාකරණයෙහි හෝ උපාය මාර්ගයන්හි වෙනස්කම් හා සමාගම මුහුණ දෙන ගැටළු මොනවාද ? ඒවාට පිළිතුරු ලබාගත හැකිද? යන්න සිතා බැලීම ඉතාම වැදගත්.
කාලසටහනට අනුකූල වන්න.
රැස්වීමක් ආරම්භ කිරීමට පෙර කළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ සැලසුම් කරන සෑම දෙයක්ම ඇතුලත් න්‍යාය පත්‍රයක් නිර්මාණය කිරීමයි. මෙහිදී එක් අයිතමයක් සඳහා එක් මිනිත්තු කිහිපයක් බෙදා වෙන් කරන කාල රාමුව සහිත න්‍යාය පත්‍රයක් කල්තියාම පුද්ගලයින් වෙත එය යැවීම ඉතාම වැදගත් වේ.
රැස්වීමට සහභාගි වන පුද්ගලයින්ගේ අවධානය ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇත.
එමෙන්ම රැස්වීමකදී ඔබට ලබා දී ඇති කාලය ඥානවන්තව පාවිච්චි කිරීමත් වැදගත් වන තවත් කරුණකි.
සටහන් තබන්න.
සටහන් ගැනීමෙන් තොරව රැස්වීම සඳහා අවධානය යොමු කිරීමට අසීරු වනු ඇත. එබැවින් කථිකයාගේ අනුමැතිය ඇතිව තම ලැප්ටොප්, ජංගම දුරකථනය හෝ සටහන් පත්‍රයක් මේ සඳහා ඔබට භාවිතා කළ හැකිය.
සෑම රැස්වීමකම මාතෘකාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රැස්වීමකදී ඉලක්කය හා න්‍යාය පත්‍රයන් පිළිබඳ මෙසේ අවධානය යොමු කිරීම මගින් ඇතිවන අවහිරතා ක්ෂණිකවම විසඳා ගත හැකි වන අතර ආයතනයේ හෝ සමාගමේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකි වනු නොඅනුමානයි.

 රැස්වීමට සහභාගි කරවා ගන්නා පිරිස කවුරුන්ද යන වග සිතා බලන්න.
ඔබ රැස්වීමක් අමතන විට, සැබැවින්ම එහි සිටින අය ගැන සිතිය යුතුයි. ඔබ ආයතනික ක්‍රියාදාමයෙහි යම් වෙනස් කිරීමක් ප්‍රකාශයට පත් කරන්නේ නම් හෝ නිවේදනය මගින් බලපෑමට ලක්වන පුද්ගලයින්ටත් ඔබ ගැටලුවක් විසඳීමට උත්සාහ කරන්නේ නම්, විසඳුමක් සඳහා හොඳ ප්‍රභවයක් සහිත පුද්ගලයින්ටත් ආරාධනා කළයුතු වේ.

නියමිත වේලාවට පටන් ගන්න.
ඔබ තම ආයතනයේ නිතිපතා රැස්වීම් නියමිත වේලාවට කළමනාකාරිත්වයෙන් යුතුව පවත්වා ගෙන යන්නේ නම් ඔබේ කාල කළමනාකරණය බොහෝ දෙනා විසින් අගය කරනු ඇත. එමෙන්ම ඔබගේ රැස්වීම්වලට සහභාගී වීමට ඔබේ සගයන්ගෙන් කොතරම් දෙනෙක්දැයි ඔබට දැන ගැනීමටත් හැකිවේ.
මෙහිදී රැස්වීම කිසිවිටෙකත් පැයකට වඩා දිගු නොකරන්න.සාමාන්‍යයෙන් මිනිත්තු 60 ක් වැනි කෙටි කාලයක් ඒ සඳහා ප්‍රමාණවත් බව මතක තබා ගන්න.

 මිත්‍රශීලී සන්නිවේදනය භාවිතා කරන්න.
විශේෂයෙන් ඔබ ඉලක්ක සහ න්‍යායපත්‍ර අනුගමනය කරන්නේ නම් රැස්වීම් යනු බරපතල ව්‍යාපාරික කටයුත්තක් නොවෙයි. ධනාත්මක වාතාවරනයක් පවත්වා ගැනීමට සහ කණ්ඩායම් සහ සම්බන්ධතා ගොඩනැඟීමේ හැඟීමක් දිරිගැන්වීමට මෙම මිත්‍රශීලී සන්නිවේදනය ඉතාමත් උපකාරී වේ
මෙම සන්නිවේදන ක්‍රමය මගින් සහභාගිවූවන් සිනාසෙමින් හෝ ධනාත්මකව එකිනෙකාගෙන් සම්බන්ධ කර ගැනීමටත් හැකිවනු ඇත.

බාධක ඉවත් කරන්න.
බාධා ඇති කිරීමට හේතු වන දේවල් ඉවත් කිරීම ඉතාම වැදගත්. හැකි සෑම අවස්ථාවකදීම, ඔබගේ සගයින්ගේ ජංගම දුරකථන නිශ්ශබ්ද කිරීම හෝ රැස්වීම් වේලාව තුළ ජංගම දුරකථන භාවිතයේ නොයෙදීමට පියවර ගත යුතු ය.

මෙකී ක්‍රමවේදයන් නිවැරදිව අනුගමනය කිරීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට හැකි වනු නිසැකයි.
සාරාංශය

සාර්ථක රැස්වීමක් පැවැත්වීම සඳහා, ඔබ සහ අනෙකුත් සහභාගිවන්නන්ගේ හොඳ සූදානම සහ ඒ සඳහා උචිත මනෝභාවයකින් සිටීම ඉතා වැදගත්.
රැස්වීම ආරම්භයේ පටන් පැහැදිලි ඉලක්කයක් තබන්න. රැස්වීම අවසානයේ දී ඔබට දැකීමට අවශ්‍ය ප්‍රතිඵල තීරණය කරන්න. කාර්යයන් පැවරීමට අමතක නොකරන්න.
මෙකී කරුණු රැස්වීමක මෙන්ම ආයතනික වර්ධනය කෙරෙහි මනා ලෙස උපකාරී වේ.

සැකැස්ම – බිනාලි රාජපක්ෂ

Uncategorized