ඉලක්ක සපුරා ගැනිම හා ලගා කර ගැනිම සදහා ඉක්මන් මාර්ගෝපදේශක්

අද අපි ඔනැම කාර්යයන් කිරිමට පෙර කිසියම් ඉලක්කයක් තබා ගෙන ඒ ඔස්සේ ගමන් කරයි. නිවසක් තුල කිසියම් ඉලක්කයක් පෙර දැරි කැගෙන වැඩ කරයි. එසේම කාර්යාලය තුළ පවා ඉලක්ක වලට වැඩ කරයි.

අද අපි කාර්මික යුගයේ අවසානය වෙත පැමිණ ඇත. සංවර්ධන වෙමින් පවතින අද අප රට තිරසාර සංවර්ධනය මුහුණ දි ඇත. අද සමාජයෙන් විවිධ පැතිකඩවල් වලින් ඉලක්ක සපුරා ගැනිමට මිනිසුන් වෙහෙසෙති. ඉලක්ක සපුරා ගැනිමට විවිධ උපායන් අනුගමනය කිරිමට අප දැන ගත යුතුය.

පෞද්ගලික ජිවිතේ දි අපි විවිධ ආකාරයෙන් ඉලක්ක වලට මුහුණ දෙන අතර රැකියා ජිවිතේ මෙන්ම සමාජය තුලද අප ඉලක්ක වලට මුහුණ දෙයි. කිසියම් ඉලක්කයක් මුල් කරගෙන එ් පිලිබද කටයුතු කිරිම අප කල යුතුය.

පුංචි කාලයේ මගේ අනාගත ජිවිතය ගැන මට කිසිම කරදරයක් ඇති වුයේ නැත. නමුත් පාසල් කාලය අවසන් කරන විට රැකියාවක් කිරිමේ අවශ්යතාවය මට ඇති වුණා. ” 

ඔබත් මේ විදිහට ඔබේ වටිනා අනාගතය ගැන විවිධ සිහින මැව්වාද? පුංච් කාලයේ අප තුල විවිධ ආකාරයේ ඉලක්ක ඇත. ඉස්සර පාසලේදි ගුරුතුමා අපගෙන් කවුරු වෙන්න ද ආස කියලා අහනවා. ඒ වේලාවට අත උස්සලා එක එක චරිත ගැන කියනවා. අදටත් මගෙ මතකයට ඒ පිළිබද සිහියට නැගෙයි.

ඔබත් මේ විදිහට ඔබේ  ආකාරයෙ ඉලක්ක සිහින ඇත. ගුරුවරයක්, ගුවන් නියමුවකු, හොද ගුරුවරයක් වෙන්න ඒ අතරින් ස්වල්පයකි. රටක ජිවනාලිය වන තරුණ පරපුරට විවිධ ආකාරයෙ ඉලක්ක ඔවුන්ගේ මොළ ගෙඩි වල සැගවී ඇත. එම මොළ ගෙඩ් වල ඇති විවිධ අදහස් වලට අද රැකියා ලොකයේ වටිනාකමක් ලැබි ඇත.

ඉලක්කයක් යනු, ඔනැම කෙනෙක්ට ඉතා වැදගත් දෙයකි. ” Career coaching your kids පෙතේ මෙසේ සදහන් වේ. ‘ රැකියාවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම යෞවනයන්ට තිබෙන ළොකුම අභියෝගයක් කියායිඅද  සිටින තරුණ පරපුරට විවිධ ආකාරයේ ඉලක්ක ඇත. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා රසවත් ඉඟි කිහිපයක් ඔබට මෙසේ පෙළ ගස්සවන්නම්.

  • මෙම ඉලක්කය ඔබේ පරමාර්ථය දැයි විමසන්න
  • ඔබේ ඉලක්කය පොතක ලියන්න.
  • වෙනස්කම් කිරිමට පසුබට නොවන්න
  • එකවර ඉලක්ක කිහිපයක් සකසන්න එපා.
  • අසීරු ඉලක්ක බය නොවි එවා අභියෝගයක් කර ගන්න.

 

  • මෙම ඉලක්කය ඔබේ පරමාර්ථය දැයි විමසන්න.

මුලින්ම අපගේ අරමුණු ඉලක්ක කරා ගෙන යාමට පෙර එම අරමුණු අපට ගැළපෙනව ද කියා සොයා බැලිය යුතුය. සත්‍ය වශයෙන්ම අපගේ අරමුණු අපගේ දෙමව්පියන්, නැදෑයෝ නිසා ඇති කරගත් ඒවානම් එවැනි දේවල් නොකළ යුතුය. එනම ග් අපගේ අරමුණු අපගේ කැමැත්ත මත ගොඩ නගා ගත යුතුයි.

  • ඔබෙ ඉලක්කය පොතක ලියන්න

වාචික දේට වඩා ලිඛිත දේ ඉදිරියේදි අපට ගත හැක. එනම් ඔබෙි ඉලක්කය පොතක අදාල දිනය දමා සටහන් කර ගන්න. ඉලක්කය සපුරා ගැනිමට අපේක්ෂා කරන දිනයද ඇතුලත් කර එය සපුරා ගැනිමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න.

  • වෙනස්කම් කිරිමට පසුබට නොවන්න

ඉලක්ක කරා යාමෙදි කිසියම් වෙනසක් සිදු කිරිමට තිබෙිනම් එය කිරිමට පසුබට නොව්ය යුතුය. එහිදි විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි.

  • එකවර ඉලක්ක කිහිපයක් සකසන්න එපා

එනම් එකවර එක ඉලක්කයක් පමණක් ඉටු කරගැනීමට කටයුතු කළ යුතුය. ඉලක්ක දෙක තුන එකවර සපුරා ගැනිමට යාමෙදි එක ඉලක්කයක්වත් සපුරා ගැනිමට නොහැකි වෙි.

මේ ඉගි 5 සාර්ථක ඉටු කරගැනීම තුළින් අපගේ ඉලක්ක කරා යාමට අපට හැකියාව ල පෞද්ගලික ජීවිතයේ ඉලක්ක තිබෙනවා සේම අපගේ කාර්යාලය ජිවිතය තුලත් අපට ඉලක්ක නිර්මාණය කරගත හැක.

අපගේ කාර්යාල තුළ ⁣එකිනෙකට වෙනස් වු ඉලක්ක ඇත. එයින් මුලික ඉලක්ක⁣ය වන්නේ අදාල කාර්යාලයේ නිමැවුම් වැඩි කර ගැනිමයි. අද බො⁣හෝ කාර්යාල තමාගේ කාර්යාලයේ ඉලක්කය මුදුන් පමුණුවා ගැනිම සදහා ඵලදායිතාවය පිළිබඳ ජපානයේ උපත ලද පංචවිධ සංකල්පය වන 5S සංකල්පය යොදා ගනි. මෙම සංකල්පය යොද ගත් නිසා ජපානය අද දියුණු තත්ත්වයට පත් වි ඇත. මෙම සංකල්පය යොදා ගනිමින් සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වැනි රටවල් දියුණු තත්ත්වයට පත් වි ඇත. 5S සංකල්පයෙ පියවර මෙසේ පෙළගැස්වීය හැක.

  • සංවිධිත බව ( Seiri) 
  • සුපිළිවෙල     (Seiton) 
  • සුපිරිසිදුකම ( Seiso ) 
  • සම්මිතිය ( Seiketsu )
  • ශික්ෂණය ( Shitsuke ) 

 

5S සංකල්පය නිවාස, කාර්යාලය, වැඩපල, පාසල, රෝහල වැනි සැම තැනකටම උපයෝගි කරගත හැකි සංකල්පයකි.මෙමගින් අපගේ ඉලක්ක කරා යාමට අවශ්‍ය පසුබිමට අවශ්‍ය වටපිටාවක් සකසා ගැනිමට හැකියාව ලැබෙි. 5S සංකල්පය නිසා පහත වාසි සපුරා ගැනිමට හැකි වෙ.

  1. අනෙකුත් කටයුතු සදහා අරමුණක් ලෙස කටයුතු කිරිම
  2. අයතනයේ ඵලදායිතාව ඉහළ යයි
  3. ඉලක්ක කරා යැමට අවශ් මාවත සකස් කරයි.

 

ඉතින් මෙම ආකාර අනුගමනය කළොත් ඔබේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවන අතර ඔබගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ලැබෙයි.

Reshali Balasubramaniam

Head of HR, HR Counselor and adviser at https://jobpal.lk and EFutureTech Systems. Submit your resume online and be contacted by prospective employers.

company culture, Development, Employees