රැකියා ස්ථානයේ කණ්ඩායම් ගොඩනැගිමේ රහස්

 

වර්තමාන සමාජයේ රැකියාවන් තුළ විවිධ ආකාරයේ විවිධ හැකියාවන් ඇති මිනිසුන් සිටිති.

වර්තමාන සමාජයේ රැකියාවන් තුළ විවිධ ආකාරයේ විවිධ හැකියාවන් ඇති මිනිසුන් සිටිති.

වර්තමානයේ රැකියාව තුල මානව සම්පතට ඉතා ඉහළ වටිනාකමක් හිමි⁣ වි ඇත. එයට හේතුව මුල්‍ය හා භෞතික සම්පතට කල නොහැකි දේවල් මානව සම්පත ලවා කර ගැනිමේ හැකියාව තිබිමයි. භෞතික හා මුල්‍ය සම්පතට වඩා මානව සම්පත තුළ විශේෂ ලක්ෂණ යුක්ත වේ. ඒවා පහත පරිදි පෙළ ගැස්විය හැක.

  • සජිවී සම්පතක් වේ.
  • සිතිමට,අදහස් දැක්විමට,හැකියාව ඇත.
  • සංවිධානය විමට හැකියාව ඇත.

 

අද රැකියා ස්ථාන වල විවිධ ආකාරයෙ කුඩා කණ්ඩායම් බිහි වි ඇත. මෙවැනි කණ්ඩායම් රැකියා ස්ථානයේ ගොඩනැගිම තුළින් එක්තරා අතකින් ඒය නිවැරැදි තිරණයක් ලෙසත් තවත් අතකින් එවැනි කණ්ඩායම් බිහි විමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගැනිමටත් හැකියාව ලැබේ

අද අප ජිවත් වන සමාජයේ කාර්යාල  සේවකයන්ට විවිධ අාකාරයේ දිමනා,වරප්‍රසාද  ලැබේ. ව්‍යාපාර ආයතනයක් තුළ වැඩිම පිරිවැයක් දැරිය යුතු සම්පත මානව සම්පතයි. එයට හේතුව ඔවුන් කටයුතු කරන ආකාරය මත ව්‍යාපාරයේ සාර්ථකත්වය රැදි පවතිමයි. බොහෝ රැකියා ආයතන වල කුඩා සේවක කණ්ඩායම් දැන් බිහි වි ඇත. මොවුන් මෙම කුඩා කණ්ඩායම් ගොඩනගා ගෙන සිටිම තුළින් විවිධ ආකාරයේ අරමුණු ඉටු කර ගනි. රැකියා ස්ථානයේ කණ්ඩායම් ගොඩනැගිම තුළින් කාර්යාලයේ සේවකයන් තුළ පහත ගුණාංග වර්ධනය වේ.

  • කාර්යාලයේ සේවකයන් අතර කණ්ඩායම් හැගීම වර්ධනය වේ.
  • කාර්යාලයේ නිමැවුම වැඩි කර ගැනිම සදහා එකමුතු වි කාර්යන් වල නිරත වේ.
  • සේවකයන් අතර කණ්ඩායම් සෙනෙහස,එකිනෙකා ගැන ආදරය වැනි දේ අති වේ.

මෙවැනි ගුණාංග කණ්ඩායම් ඇති කර ගෙන වැඩ කිරීම තුළින් ඇති වේ.

අද වන විට කාර්යාලයකම ව⁣ගේ රැකියා ස්ථාන තුළ කණ්ඩායම් ඇත. බොහෝ විට මෙම කණ්ඩායම් වල මූලික අරමුණ වන්නේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමයි. වෘත්තීය සමිතියක් නැතහොත් කාර්යාල ස්ථානයේ කණ්ඩායමක් යනුු, සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනිම සදහා කිසියම් කාර්යාලයක නියැලී සිටින පිරිසක් හෝ පුද්ගලයන් පිරිසකගේ එකතු ව වේ. රැකියා ස්ථානයේ කණ්ඩායම් ඇති කර ගැනිම තුළින් ඔවුන් බොහෝ දේවල් බලාපොරොත්තු වේ. එ්ය මෙසේ පෙළ ගැස්විය හැක.

  • වැටුප් වැඩි කරගැනීම
  • සමාජීය ලාභ ලබා ගැනිම
  • රැකියා සුරක්ෂිතභාවය
  • වැඩ කරන කාලය අඩු කර ගැනිම
  • අසනිප හෝ වැඩ වර්ජන සේවකයන්ට සහන ලබා ගැනිම

එසේම තවත් අතකින් බලන විට කාර්යාලයේ වැඩ කරන සේවකයන් කාර්යාලය තුළ විවිධ ආකාරයේ කණ්ඩායම් ඇති කර ගැනිමට හේතු අැත. විවිධ ආකාරයේ හේතු නිසා අද වන විට කාර්යාල සේවකයන් කාර්යාලය තුළ කණ්ඩායම් ගොඩනගා ගනි.

අද වන විට රැකියා ස්ථානයේ නැතහොත් කාර්යාලයේ වැඩ කරන කාර්යාල සේවකයන්ට වැටුප් වලට අමතරව විවිධ ආකාරයේ දිරි දිමනා ද දෙති. ඔවුන් මෙම දිමනා ලබා ගැනිම සදහා වෙනම සුභසාධන කණ්ඩායමක් ( Welfare Association ) පවත්වාගෙන යයි. මෙම සුබසාධන කණ්ඩායම බිහි කරගැනීම තුළින් සේවකයන්ට විවිධ ආකාරයේ දීමනා හිමි වේ.

  • වෛද් පහසුකම් ( Medical Facilities )
  • ආපනශාලා පහසුකම් ( Canteen Facilities )
  • නිවාස පහසුකම් ( Housing Facilities )
  • අධ්යාපන පහසුකම් ( Education Facilities )
  • ණය පහසුකම් ( Loan Facilities )

මෙවැනි ආකාරයේ පහසුකම් සපුරා ගැනීම සඳහා අද බො⁣හෝ රැකියා ආයතන වල සුභසාධන කණ්ඩායම් ගොඩනගා ගෙන සිටිති. එසේම මෙම සුභසාධන කණ්ඩායම් ගොඩනගා ගෙන සිටිම තුළින් සේවකයන්ට විවිධ අතිරේක ලාභ ලැබේ.

  • නොමිලේ ආහාරපාන ලබා දීම
  • වැඩිදුර අධ්යාපනය සදහා පාඨමාලා ගාස්තු ගෙවිම.
  • නිවාස හෝ මොටර් රථ මිලදි ගැනිම සදහා අඩු පොලියට ණය ලබා දිම
  • සමාගමෙන් මොටර් රථයක් ලබා දිම

මෙවැනි අතිරේක ලාභ ලබා ගැනිම සදහා ව්‍යාපාර ආයතන වල සුභසාධන කණ්ඩායම් පිහිටුවා ගෙන සිටිති

 

තවත් අතකින් බලන විට කාර්යාලයේ සිටින කාර්යාලය සේවකයන් කණ්ඩායම් වශයෙන් එකමුතු වි වැරදි ආකාරයට කණ්ඩායම් ගොඩනගා ගෙන සිටිති. එනම් සමහර ආයතන සමහර කණ්ඩායම් ගොඩනගා ගෙන වැඩ වර්ජන, වැඩ කඩාකප්පල් කිරීම්, පිකටින් වැනි අහිතකර දේ සිදු කරයි. මෙවැනි අහිතකර දේවල් සිදු කිරීම තුළින් මුලික වශයෙන් රැකියාවේ ඵලදායිතාවය හින වේ.

මේ නයින් බලන කල රැකියා ස්ථානයේ කණ්ඩායම් ගොඩනැගිම තුළින් හිතකර දේවල් රාශියක් දැක ගත හැක.

  1.   කාර්යාලයේ සිටින සේවකයන් තුළ එකමුතුකම වර්ධනය වේ.
  2. කාර්යාල සේවකයන් තුළ කාර්යාල හැඟීම් ගොඩ නැගේ.

   3.සේවකයන් අතර ආත්ම විශ්වාසය ඇති වෙ

   4.කාර්යන් කිරිම සදහා ලොකු ආසාවක් ඇති වේ. 

   5.සෙවකයන් අතින් සිදු වන වැරදි අවම වේ

 

Reshali Balasubramaniam

Head of HR, HR Counselor and adviser at https://jobpal.lk and EFutureTech Systems. Submit your resume online and be contacted by prospective employers.

company culture, Development