පුහුණුව හා සංවර්ධනයේ ඇති වැදගත්කම

ව්‍යාපාරික ලෝකයේ ඉතාමත් තරගකාරීයි. තාක්ෂණික දියුණුවත් සමග දිනෙන් දින වෙනස් වෙමින් පවතින වෙළෙඳපොළ තුළ ඇති තරගකාරීත්වය හමුවේ ඉතාම ඉහළ ගුණාත්මක බවින් යුතු සේවාවක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. සේවකයන්ගේ ඉහළ කුසලතාවයත් වේගවත් ක්‍රියාවලියත් ව්‍යාපාරය තුළ එලෙස ම පවත්වාගෙන යාමට හැකි නම් ඔබේ ව්‍යාපාරය වඩාත් හොඳින් පරිණාමයට පත් කළ හැකිය.
සේවාවේ ගුණාත්මක බව තීරණය කළ හැකි එක් ප්‍රධාන සාධකයක් වන්නේ පුහුණුව හා සංවර්ධනයයි. ව්‍යාපාරයේ අනාගත සුරක්ෂිතතාව සඳහා පුහුණුව හා සංවර්ධනයේ ඇති වැදගත්කම කෙසේද යන්න පිළිබඳ අපි දැන් අවධානය යොමු කරමු.
පුහුණුව හා සංවර්ධනය යනු කුමක්ද? එහි අර්ථ කථනය මෙසේය.” පුහුණුව හා සංවර්ධනය යනු රැකියාවල නිරත වෘත්තිකයින් විසින් නිර්මාණය කරන ලද වියුහගත වැඩ සටහනකි. වෙනස් වන පරිසරයට අනුව සේවකයන්ගේ කුසලතා සහ දැණුම යාවත්කාලීන කිරීම ඕනෑම ආයතනයක අඛණ්ඩ කාර්යක් බවට පත්වතිබේ. පවතින සම්පත් සහ පිරිවැය සුපරික්ෂා කිරීම සෑම ආයතනයකටම අවශ්‍ය වන අතර සේවකයන්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව මේ තුළින් වර්ධනය කරගත හැකිය”.
වත්මන් වෙළදපොළ ක්‍රමය තුළ සේවකයාගේ ශ්‍රම ශක්තිය ව්‍යාපාරය සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩක් බවට පත්ව ඇත. මේ නිසා සංවිධානයට සේවකයින් පුහුණු කිරීමේ ඇති වැදගත්කම කිසිසේත් අවතක්සේරු නොකළ යුතුයි. ඔවුන්ගේ නිසි පුහුණුව සේවකයන්හට නොලැබෙන හෙයින් පුහුණු වැඩසටහන් වල ප්‍රතිපත්ති ප්‍රතිලාභ දැකගත නොහැකි වන අතර ස්ථානවල පමණක් පුහුණුව හා සංවර්ධනය පිළිබඳ පැහැදිලි ප්‍රතිලාභ දැකගත හැකිවෙයි ව්‍යාපාර පැවැත්මට මෙහි බලපෑම කෙසේද යන්න දැන් ඔබට අවබෝධ වනු ඇත.
බොහෝ ව්‍යාපාරික ස්ථාන තුළ සේවකයින්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම උදෙසා විශේෂ අවස්ථා රැසක් පුහුණුව හා සංවර්ධනය මගින් ලබාදී තිබේ. මෙම ක්‍රියාවලිය ව්‍යාපාරික ස්ථානයට කෙතරම් වැදගත් කමක් එක්කර දේවිද?
පුහුණුව හා සංවර්ධනයේ ඇති වැදගත්කම පිළිබඳ කතාබහ කිරීමේදී එය ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.

1) දුර්වලතා හඳුනා ගැනීම.
2)
ඵලදායිතාව හා ගුණාත්මක ප්‍රමිතීන් වැඩි කිරීම.
3)
නව ක්‍රමෝපායන් සහ නිෂ්පාදන නවෝත්පාදනය.
4)
අඩු සේවක පිරිවැටුම
5)
සේවක තෘප්තිය හා විශ්වාසය රඳවා ගැනීම.

1) දුර්වලතා හඳුනා ගැනීම
     බොහෝ සේවකයින් තුළ නිපුණතාවන් මෙන්ම දුර්වලතා ද දක්නට ලැබේ. ඔබ වැඩකරන ස්ථානයේ පුහුණු වැඩ සටහනක් ඔබට ඕනෑම දුර්වලතාවයන් සොයා ගැනීමට සහ විසඳීමට ඉඩ සලසයි. එමෙන්ම මෙම සංවර්ධන වැඩසටහන් මගින් සෑම සේවකයෙකුම ඉහළ ස්ථානයකට රැගෙන ඒම නිසා ඔවුන් සියලු දෙනාටම සමාන කුසලතාවයක් හා දැනුමක් ලබාගත හැකිය. මනා පුහුණුවක් සැපයීම, කණ්ඩායම් මත වැඩ කිරීම හෝ අධීක්ෂණයකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන පරිදි සමස්ත සේවක මණ්ඩලයක් මේ තුළින් නිර්මාණය කරයි.

2) ඵලදායිතාව හා ගුණාත්මක ප්‍රමිතීන් ඇති කිරීම.

සමාගම විසින් පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන විට ඵලදායිතාවය වැඩිවනු ඇත. ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ව්‍යාපෘතින්හි සාර්ථකත්වයටත් මෙය උපකාරී වනු ඇත.

3) නව ක්‍රමෝපායන් සහ නිෂ්පාදන නවෝත්පාදනය
ශ්‍රම බලකායේ අඛණ්ඩ පුහුණුව හා කාර්ය සාධනය මගින් නිර්මාණශීලිත්වය ඇති කළ හැකිය . එහි ඍජු ප්‍රතිඵලයක් වශයෙන් නව අදහස් බිහි කළ හැකිය.

4) අඩු සේවක පිරිවැටුම
මුලදී, ඔබ ඔබේ කාර්ය මණ්ඩලය පුහුණු කරන විට ඔබට කාලයත්,මුදලත් වැය වනු ඇත. සේවකයාගේ කාර්යභාරය පිළිබඳ නිසි පුහුණුවක් ලැබූ පසු පෙරට වඩා හොඳ ආදායමක් ලබා ගැනීමට හැකි වනු ඇත.

5) සේවක තෘප්තිය හා විශ්වාසය රඳවා ගැනීම.
පුහුණුව සේවක තෘප්තියේ මට්ටමට බොහෝ සෙයින් දායක වන සාධකයක් වේ. නිතිපතා පුහුණුවීම් සහ සංවර්ධන අවස්ථා වලට ප්‍රවේශ වන සේවකයන්ට තම ඉලක්ක කරා ගමන් කිරීම පහසු කරවයි. ඔබේ කාර්යමණ්ඩලය ක්‍රියාශීලී ලෙස පුහුණු කිරීමෙන්, ඔවුන්ගේ විශ්වාසය සහ ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කළ හැකිය

මීට අමතරව,
කණ්ඩායම තුළ සදාචාරය ගොඩනැගීම.
– පාරිභෝගික තෘප්තිය සහ සේවා වර්ධනය කරගැනීම.
– ප්‍රමිතිකරණය හා නම්‍යශීලීත්වය
– සමාගමේ ක්‍රියාපටිපාටි සඳහා විවිධ අදහස් හුවමාරු කර ගැනීමට ඇති හැකියාව.
– සේවක අභිප්‍රේරණය වැඩි කිරීම.
– මූල්‍යමය ලාභයක් ලබා ගැනීම.

ඕනෑම ව්‍යාපාරයකම අවසාන ඉලක්කය වන්නේ ආර්ථික වර්ධනයයි. එය තනිවම කළ හැකි නම්, ශ්‍රම බලකායක් අවශ්‍ය නොවේ. ඔබේ සෑම ශ්‍රමිකයකුටම නිසි පුහුණුවත් සංවර්ධනයත් ලබාදීම තුළින් ආයතනයේ පැවැත්ම තවත් ශක්තිමත් කරවයි.
සැකැස්ම – බිනාලි රාජපක්ෂ

Uncategorized