නිවැරදි වෘත්තිය පුහුණුකරුවකු තෝරා ගන්නේ කෙසේද?

හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව… ?”
යම් අයෙකු ඔබගෙන් මෙසේ විමසුවොත් ඔබ ලබාදෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?…
ඔබේ පෞද්ගලික ජීවිතය තුළ ඔබට විවිධාකාර ගැටලු මතුවිය හැකියි. සෑම ගැටලුවක්ම ඔබ කෙසේ හෝ නිරාකරණය කළත් වෘත්තීය මට්ටමෙන් හමුවන ගැටලු නිරාකරණය කිරීමේදී ඔබ අසමත් වන්නට පුළුවන්. එයට හේතුව වෘත්තිය ක්ෂේත්රය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමයි. ඔබේ අනාගත වෘත්තිය ක්ෂේත්‍රයේ සාර්ථකත්වය උදෙසා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කිරීමටයි අද අපේ සූදානම.
ඔබේ වෘත්තිය ජීවිතය තුළ ඔබ වසර ගණනාවක් තිස්සේ ස්ථාවර රැකියාවක නියැලුණත් හදිසියේම එහි කළමනාකාරීත්වය විසින් ඔබව නෙරපා හරින්නට පුළුවන්. නැතිනම් වෙනයම් වෘත්තියක් කරා මාරු කර යවන්නට පුළුවන්. එහිදී ඔබ ගන්නා පියවර කුමක් ද යන්න සිතා බැලීම යම් විටක දී ඔබට අසීරු විය හැකියි.
එවැනි අවස්ථාවකදී ඔබට උපකාර කළ හැකි නිවැරදි මඟ පෙන්වන්නකු සිටී නම් නිවැරදි උපදෙස් මත නිවැරදි තීරණයක් ගැනීමට ඔබට හැකි වනු ඇත එසේ නම් වෘත්තීය ක්ෂේත්‍රය තුළ නිවැරදි පුහුණුකරුවකු තෝරාගන්නේ කෙසේද අපි දැන් ඒ පිළිබඳ අවධානය යොමු කරමු.
වර්තමානයේදී වෘත්තිය පුහුණු ශිල්පීන් පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. නිවරදි පුහුණුකරුවකු සොයාගැනීමේදී ඔබේ වෘත්තිය ජීවිතය වෙනස් කිරීමට හැකි නිවැරදි පුහුණුකරුවකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් කරුණකි. එසේ තෝරා ගැනීම සඳහා වූ විශේෂ සාධක කීපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.

1) නිවැරැදි ගැලපීම
2)
විශිෂ්ට සන්නිවේදන නිපුණතා
3)
ශක්තිමත් පුහුණුව හා අත්දැකීම
4)
මනෝවිද්‍යාත්මක පසුබිම

1) නිවැරැදි ගැලපීම
පුහුණුකරු තෝරා ගැනීමේදී වඩාත් වැදගත් සාධකය වන්නේ සම්බන්ධතාවයයි. ඔබ මෙම පුද්ගලයා සමග බොහෝ කාලයක් වැය කරනු ඇත. ඔබේ පුද්ගලික ජීවිතය පිළිබඳ සමීප විස්තර සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. ඔබ සමඟ සුවදායී හැඟීමක් ඇති කරගත හැකි පුද්ගලයකු සොයා ගැනීම ඉතාමත් වැදගත් බව මතක තබාගන්න. එමෙන්ම ඔබේ වාණිජමය වාසි වාසි වලට වඩා ඔබේ වෘත්තිය තෘප්තියට කැප කළ හැකි අයකු තෝරා ගැනීම පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි.

2) විශිෂ්ට සන්නිවේදන නිපුණතා
පුළුල් ලෙස සාකච්ඡා කළ හැකි පරිදි ඔබේ අපේක්ෂාවන් ගැන කතා කළ හැකි අයකු තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. එබැවින් මෙම වෘත්තිකයාට වාචික හා ලිඛිත විශිෂ්ට සන්නිවේදන කුසලතා තිබිය යුතුය. මෙමගින් ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එහිදී වෘත්තිකයාට ඔබේ අවශ්‍යතාව හොඳින් සවන් දීමට හා තේරුම් ගැනීමටත් හැකිවනු ඇත.

3) ශක්තිමත් පුහුණුව හා අත්දැකීම.
සිය පූර්ව ව්‍යාපාරික අත්දැකීම් මත රඳා සිටින අයගෙන් විධිමත් පුහුණුවක් ලබා ගත හැකි ය. එමගින් විධිමත් පුහුණුවක් සහිත අය හඳුනා ගැනීමට හැකි බැවින් දීර්ඝකාලීන අත්දැකීම් සහිත පුද්ගලයකු පුහුණුකරු වශයෙන් තෝරා ගැනීම ඉතාමත් වැදගත් වනු ඇත. ඔබේ අපේක්ෂිත රැකියාව තුළ ක්‍රියාකාරී ලෙස ඔබව ගොඩ නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ඔබ තුළ නිර්මාණය කිරීමට ඔබේ වෘත්තිකයාගෙ පුහුණුව හා අත්දැකීම් ඔබට උපකාර වනු නිසැකයි.

4) මනෝවිද්‍යාත්මක පසුබිම
මානසික පීඩනය ආතතිය වැනි මානසික ගැටලු ඇති වන ගැඹුරු කාරණා සාකච්ඡා කරන්නේ නම් මනෝවිද්‍යාත්මක පුහුණුවක් ඇති අයකු තෝරා ගැනීම පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි

මෙම සාධක සියල්ල සලකා බලමින් ඔබ තෝරාගන්නා ලද වෘත්තීය පුහුණු කරු
– ඔබේ වෘත්තීය ප්‍රගමනය දියුණු කිරීමටත්
– වෘත්තීය අභිප්‍රායන් හොඳින් විමසා බැලීමටත්
– නිවැරදි වෘතීය මාරුව උපදේශයන් ලබා දීමටත්
– අනාගතයෙන් නිවැරදි වෘත්තීන් අවස්ථාවන් සඳහා ඔබව සූදානම් කිරීමටත්
– වෘත්තීය කළමනාකාරීත්වයක් ඔබ තුළ ඇති කිරීමටත්
– වෘත්තීය ක්ෂේත්‍රය තුළ සැබෑ වෙනසක් ඇති කිරීමටත්
උපකාර වනු ඇත.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Development, Employees