වන්දි ලබාගැනීම සඳහා ක්ෂණික මාර්ගෝපදේශ.

ඕනෑම ආයතනයක හෝ ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා ඇති එක් ප්‍රධානතම හේතුවක් වන්නේ සේවකයන්ගේ කාර්යක්ෂම බවයි.යම් සේවකයෙක් එකී ආයතනය තුළ බොහෝ කලක් කාර්යක්ෂම ලෙස සේවයේ යෙදෙනවා නම් ආයතනයෙහි කළමනාකාරීත්වය විසින් ඔවුන් කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිලාභ ලබාදිය යුතුයි. ඉන් එක් ප්‍රතිලාභයක් වන්නේ “වන්දි” යනුවෙන් හදුන්වන රක්ෂණ ක්‍රමයයි.
මෙම සේවක වන්දි ක්‍රමය සෑම ආයතනයකම ක්‍රියාත්මක වේ. බොහෝ සේවකයින්ට මේ පිළිබඳ අවබෝධයක් ඇතත් මෙය ලබාගැනීම සඳහා වූ නිවැරදි ක්‍රමවේදය පිළිබඳ දැනුවත්භාවයක් ඇත්තේ ඉතාමත් සුළු පිරිසකටයි. යම් විටකදී ඔබගේ නොදැනුවත් බව රක්ෂණ සමාගමට වාසි දායක විය හැකි බැවින් මේ පිළිබඳ කටයුතු කිරීමේ දී යම් අවබෝධයකින් කටයුතු කළ යුතු බව ඉතාමත් වැදගත් බව මතක තබාගන්න. එසේනම් අද අප සූදානම් වන්නේ වන්දි රක්ෂණය ලබාගතහැකි උපදෙස් කිහිපයක් ඔබට ලබා දීමටයි.
වන්දි යනු කුමක්ද? එහි අර්ථ කථනය මෙසේ විග්‍රහ කළ හැකි යි.
සේවක වන්දි මුදල් යනු ඔවුන්ගේ රැකියාව තුළ ඔවුන්ට යම් හානියක් (තුවාලයක් හෝ ආබාධ තත්වයක්) ඇති වුවහොත් ඊට මූල්‍යමය ප්‍රතිපාදන ලබා දෙන ක්‍රියා පටිපාටියකි.”වන්දි මුදල” එක්තරා රක්ෂණ ක්‍රමයක් ලෙසද සැලකෙන අතර මෙය සෑම සේවයක සේවකයෙකුම සඳහා අනිවාර්ය වෙයි.
බොහෝ රක්ෂණ සමාගම් සේවක වන්දි ඉල්ලීම් මත ගෙවීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඔවුන් සෑමවිටම හිමිකම් ඉල්ලීම මත ගෙවනු ලබන මුදල අවම කිරීම සඳහා ක්‍රමයක් සොයමින් සිටියි. ඔබ රැකියාවක් කරන අතරතුර අනතුරකට ලක් වුණ හොත් ඔබට නැවත වැඩට යාමට සූදානමින් සිටින තෙක් සේවක වන්දි ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබ හිමිකම් ලබයි. එමෙන්ම ප්‍රතිලාභ ප්‍රතික්ෂේප නොකිරීම හා කල් ඉකුත් වීමෙන් වළක්වා ගැනීමට ඔබ විසින් වගබලා ගතයුතුයි.
ඔබ ඔබේ සේවක වන්දි උපරිම ඵල නෙළා ගැනීම සහතික කළ හැකි උපදෙස් කිහිපයක් පහත පරිදි වේ.
1) වහාම ඔබේ අනතුර ගැන වාර්තා කරන්න.
2) කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
3) ඔබට දී ඇති වෛද්‍යවරයා ගැන සැලකිලිමත් වෙන්න.
4) ඔබට අනතුර ඇති වූයේ කෙසේදැයි පැහැදිලි කරන්න.
5) රක්ෂණ සමාගමට වෛද්‍ය අවසරයක් නිකුත් කරන්න.
6) නීතිඥයෙකු සමග කතා කරන්න.

1) වහාම ඔබේ අනතුර ගැන වාර්තා කරන්න.
ඔබ සේවයේ යෙදී සිටින විටදී ඔබට යම් අනතුරක් සිදු වුවහොත් සිදු කළ යුතු පළමු කරුණ වන්නේ එය ඔබේ ප්‍රධානියාට වාර්තා කිරීමයි. කාලය ඉක්මවා යාමට පෙර එය දැනුම් දියයුතුයි. ඊට හේතුව වන්නේ ඔබට සිදුවී ඇති තුවාලය සුව අතට පත් වුවොත් තුවාලයක් වී ඇති බවට ඔබට ඔප්පු කළ නොහැකි වීමයි.

2) කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
මෙහිදී ඔබ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. මෙම වෛද්‍ය රැකවරණය වඩා ප්‍රකෘතිමත් වීමට මඟ පෑදිය හැකිය. ඔබට සිදු වූ අනතුරු ලේඛනගත කිරීම හා නිසි පරිදි විස්තර කිරීම මගින් ඔබට වෛද්‍ය වාර්තාවක් ලබාගත හැකියි. යම් විටෙක දී ඔබ ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමාද වුවහොත් එය බරපතළ අනතුරක් නොවන බව රක්ෂණ සමාගම විසින් පවසන්නට පුළුවන්. එසේනම් එසේ නොවීමට කටයුතු කළ යුතු බව මතක තබාගන්න.

3) ඔබට දී ඇති වෛද්‍යවරයා ගැන සැලකිලිමත් වෙන්න.
බොහෝ ආයතනවල සේවකයින්ට රක්ෂණ සමාගම විසින් තෝරාගත් වෛද්‍යවරයකු සමඟ ප්‍රතිකාර කළ යුතු වෙයි. මෙම වෛද්‍යවරුන් සඳහා රක්ෂණ සමාගම විසින් ගෙවීම් සිදුකරනු ලබයි. උදාහරණයක් වශයෙන් වෛද්‍යවරයා ඔබේ රක්ෂණාවරණය ඔබට ගෙවීම් කිරීමට සිදු නොවන නිසා ඔබේ ප්‍රතිකාර නිසි පරිදි සිදු නොකරන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවක ඔබ දැන් අඳුනන වෛද්‍යවරයෙකු තෝරා ගැනීමට හැකිනම් ඇතිවන මෙවැනි ගැටළු මගහරවා ගැනීමට ඔබට හැකිවනු ඇත.
4) ඔබට අනතුර ඇති වූයේ කෙසේදැයි පැහැදිලි කරන්න.
ඔබේ මූලික වෛද්‍ය වාර්තාවන්හි ඔබට ඇති වූ අනතුර පිළිබඳ ප්‍රමාණවත් ලෙස විස්තර නොමැති නම් රක්ෂණ සමාගම විසින් ඔබේ වන්දි හිමිකම ප්‍රතික්ෂේප කරනු ඇත එම නිසා ඔබ ඉතාමත් නිවැරදිව එම සිද්ධියට අදාළ මූලික කරුණු පැවසීමට අවශ්‍යයි.

5) රක්ෂණ සමාගමට වෛද්‍ය අවසරයක් නිකුත් කරන්න.
ඔබගේ වෛද්‍ය වාර්තාවල පිටපතක් ලබාගැනීම සඳහා රක්ෂණ සමාගමට ඔබගෙන් ඉල්ලීමක් කළ හැකියි. එහිදී එම වාර්තා හා බිල්පත් බැලීමට රක්ෂණ සමාගමට අවස්ථාව දිය යුතුයි. මෙහිදී එම අවසරය පිළිබඳ නීතිඥයෙකු සමග සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බව මතක තබාගන්න.

6) නීතිඥයෙකු සමග කතා කරන්න.
නීතීඥයකු සමඟ කතා කරන්න. ඔබට වන්දි මුදලක් ලබාගැනීමේ දුෂ්කරතාවයක් ඇත්නම් කම්කරු වන්දි නීතිඥයකුගේ සහය ඔබට ලබාගත හැකිය. නඩුවලදී අත්දැකීම් ඇති කෙනෙකු සමග සාකච්ඡා කිරීමේ දී නිවැරදි දේ කුමක්ද යන්න ඔබට වඩා හොඳින් අවබෝධ වේ.

මෙම උපදෙස් නිසි පරිදි පිළිපැදීම මගින් ඔබට හිමි වන්දි රක්ෂණය සාර්ථක ලෙස ලබා ගැනීමට හැකි වනු ඇත.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Uncategorized