පුංචි අත්දැකීම් සහිත සුදුසුකම් ලුහුබඳින්නේ කෙසේද?

අපගේ ජීවිතය තුළ අපට හමුවන බාධක බොහෝමයි. පෞද්ගලික ජීවිතයේ මෙන්ම ව්‍යාපාර ජීවිතයත් සාර්ථකත්වය කරා රැගෙන යාමට නම් මෙකී වූ බාධක සියල්ලන්ටම මුහුණ දීමට අපට සිදු වන අතර අපගේ නිරන්තර උත්සාහය වනුයේ කෙසේ හෝ එම බාධක ජයග්‍රහණය කිරීමයි.
නූතන සමාජයේ අප හිතන තරම් සුභවාදී නොවෙයි. සමාජය තුළ අපට මුණගැසෙන බොහෝ දෙනා උත්සාහ දරන්නේ අපව අසාර්ථකත්වය කරා ඇද දැමීමටයි. එවැනි සමාජ වටපිටාවක් තුළ නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද? ව්‍යාපාර ඉලක්ක කරා සාර්ථකව ගමන් කරන්නේ කෙසේද? එසේ නම් ඒ සඳහා කඩිනම් මාර්ගෝපදේශයක් ලබා දීමට අද අපේ සූදානම.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව නිසි අත්දැකීමක් නොමැති නම් ඔබ ගත යුතු පළමු පියවර වන්නේ එම ක්‍රියාවලිය පිළිබඳ නිසි දැනුමක් ලබා ගැනීමයි. එසේත් නැත හොත් කුඩා හෝ දැනුමක් ඇත් නම් එය ඔබට සාර්ථකත්වය දොරටුව විවර කරන්නක් විය හැකිය.

 

 
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.
1) ඔබට සුදුසු ව්‍යාපාරය තෝරා ගන්න.
2)
ව්‍යාපාර සැලැස්මක් ලියන්න.
3)
මූල්‍ය සැලසුම්කරණය.
4)
උපකාර හා පුහුණුව ලබාගන්න.
5)
ව්‍යාපාර සඳහා ස්ථානයක් තෝරාගන්න.
6)
බලධාරීන් සමඟ ලියාපදිංචි වන්න. බදු හැදුනුම්පතක් ලබා ගන්න.
7)
බලපත්‍ර සඳහා අයදුම් කරන්න. ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න.
8)
සේවකයින් බඳවා ගන්න.

1) ඔබට සුදුසු ව්‍යාපාරය තෝරා ගන්න.
ඔබේ ඉලක්ක සහ ජීවන රටාවට ගැලපෙන ව්‍යාපාරයක් තීරණය කරන්න. ඉන්පසුව ඔබේ අදහස ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්නේ.උදාහරණයක් වශයෙන් ඔබේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගනු ලබන්නේ කවුරුන්ද? ඔබේ තරගකරුවන් කවුරුන්ද? යන්නයි.
මෙසේ ඔබේ පෞද්ගලික ඈගයීමට පසුව ඔබේ ව්‍යාපාරයට අදාල කර්මාන්ත පිළිබඳ පර්යේෂණ ලක් කරන්න.
ඒ සඳහා පොත්පත්, කර්මාන්ත පිළිබඳ ඇති සඟරා, වෙබ් අඩවි හා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ දැන උගත් පුද්ගලයින්ගේ අධ්‍යයනයන් උපකාර වේ.
මෙම කරුණු සියල්ලම සලකා බැලීමෙන් පසුව ඔබට සුදුසු ව්‍යාපාරයක් තෝරා ගැනීමට හැකිවනු ඇත.

2) ව්‍යාපාර සැලැස්මක් ලියන්න.
ව්‍යාපාර සැලැස්මක් යනු ව්‍යාපාරයක් එහි නිෂ්පාදිතයන් හා සේවාවන් විස්තර කරන ලද ලියවිල්ලකි. ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වන මුදල්, නායකත්වය, කාර්යමණ්ඩලය හා මෙහෙයුම් තොරතුරු යනාදිය ඇතුළත් වේ. බොහෝ ව්‍යාපාර සමාගම මුල් අවුරුදු 3 සිට අවුරුදු 5 දක්වා ආවරණය කරයි.
මේ ආකාරයෙන් ඕනෑම ව්‍යාපාරයක ලිඛිත සැලැස්ම තිබීම අනිවාර්ය වේ .

ව්‍යාපාර සැලැස්මක ඇතුලත් විය යුතු කරුණු…
විධායක සාරාංශය– ඔබගේ ව්‍යාපාරය පිළිබඳ කෙටි සටහනක්
සමාගම් විස්තර – ඔබ කරන දේ විස්තර කරයි.

සංවිධානය සහ කළමනාකරණය – ව්‍යාපාරය කළමනාකරණ ව්‍යුහය
සේවාව හෝ නිපැයුම් – ඉදිරිපත් කරන නිෂ්පාදන

අලෙවිකරණය හා විකිණීම් ව්‍යාපාරයේ විකුණුම් ක්‍රමෝපායන්
අරමුදල් -ඊළඟ අවුරුදු 3 සිට 5 දක්වා අවශ්‍ය මුදල්

මුදල් ප්‍රක්ෂපනය – ශේෂ පත්‍ර වැනි තොරතුරු සැපයීම.

3) මූල්‍ය සැලසුම්කරණය
ඔබේ ව්‍යාපාරයේ ප්‍රමාණ හා ඉලක්ක අනුව ආයෝජකයකු හෝ ආයෝජන ව්‍යාපාර ප්‍රාග්ධනයකින් මූල්‍ය කරණය කිරීමට අවශ්‍ය විය හැකිය.
බොහෝ කුඩා ව්‍යාපාර සඳහා ණය, මිතුරන් හා පවුලේ අයගේ සහයෙන් ආරම්භ වේ.
නව ව්‍යාපාරිකයන් වෙනුවෙන් ණය දෙන විකල්පයන් කිහිපයක් පහත පරිදි වේ…
වාණිජ බැංකු
කුඩා ව්‍යාපාර ණය( එස් .බී. ඒ )
ණයපත් (credit card)

4) උපකාර හා පුහුණුව ලබාගන්න.
ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යාපාරය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඒ හා සම්බන්ධ අදාළ රැස්වීම් හා උපදේශන සම්මන්ත්‍රණ සඳහා යොමුවන්න. ඔබට ව්‍යාපාර පිළිබඳ සුලු හෝ අත්දැකීමක් තිබේ නම් එම සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීම ඉතාම වැදගත් වේ. එමෙන්ම
ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා නිසි අත්දැකීමක් නොමැති නම් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර හවුල්කරුවෙකු ගේ සහාය ලබාගත හැකිවේ.
නිදසුනක් ලෙස ඔබට භාණ්ඩ නිර්මාණ කිරීමට දැනුමක් තිබුණත් ඒවා වෙළඳපොලට ගෙන යාමට දැනුමක් නොමැති නම් හෝ අත්දැකීමක් නොමැති නම් එම අඩුපාඩුකම් ඔබේ ව්‍යාපාර හවුල්කරුවන්ගේන් මගහරවා ගත හැකිවේ.

5) ව්‍යාපාර සඳහා ස්ථානයක් තෝරාගන්න.
ඔබ ඔබේ ව්‍යාපාරය ස්ථාපනය කරන්නේ කොතැනද යන්න තීරණය කිරීම යම් විටක ඔබට අසීරු විය හැකිය.
ව්‍යාපාර තරගකාරීත්වය,සැපයුම්කරුවන්, ප්‍රවාහන ප්‍රවේශ, ජන විකාශනය හා කලාපීය රෙගුලාසි ව්‍යාපාර සඳහා ස්ථානයක් තෝරා ගැනීමට ඇති ප්‍රධාන සාධකය කිහිපයකි.

6) බලධාරීන් සමඟ ලියාපදිංචි වන්න. බදු හැදුනුම්පතක් ලබා ගන්න.
ඔබේ ව්‍යාපාර සඳහා බදු සහ මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ කෙසේද යන්න ඉගෙනගන්න. ව්‍යාපාරයට අවශ්‍ය රැකියා බදු, විකුණුම් බදු හා රජයේ ආදායම් බදු යන බදු බලපත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාගන්න
එමෙන්ම අදාළ බදු බලධාරීන් සමග සාකච්ඡා කොට ඔබට අවශ්‍ය බදු බලපත්‍ර ලබාගන්න.
ඔබේ ව්‍යාපාරයට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා ලියාපදිංචි වී අදාළ බදු ගෙවීම ආරම්භ කරන්න.

7) බලපත්‍ර සඳහා අයදුම් කරන්න. ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න.
සෑම ව්‍යාපාරයක්ම ක්‍රියාත්මක කිරීමට බලපත්‍රයක් අවශ්‍ය වේ. ඔබේ ව්‍යාපාරය නම හවුල්කරුවන්ගේ නම් හෝ ඔබේ සංස්ථාව නිල වශයෙන් ලියාපදිංචි කරන ලද නාමය ඔබේ ව්‍යාපාරයේ නම නැතහොත් වෙළඳ නාමය ලෙස යොදාගන්න. මෙසේ ඔබ යොදාගත් වෙළඳ නාමය ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වන බව මතක තබා ගන්න.

8) සේවකයින් බඳවා ගන්න.
ආරම්භ කරන ලද නව ව්‍යාපාර සඳහා සේවකයින් බඳවා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයකි. එහිදී ඔබ ගන්නා තීරණ පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුය. යම් හෙයකින් නුසුදුසු සේවකයකු බඳවා ගැනීමෙන් ව්‍යාපාරය ආරම්භයේදීම අසාර්ථකත්වයට පත් විය හැකිය.
ඔබේ නව ව්‍යාපාරය ආරම්භයේ දී හොඳම සේවකයින් පිරිසක් බඳවා ගැනීම සම්බන්ධයෙන් යෝජනා කීපයක් අප මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
ඔබේ ව්‍යාපාරයේ දැක්ම හා මෙහෙවර ගොඩනගන්න
ඔබට සුදුසු සේවක පිරිසක් බඳවා ගන්න.

වැඩකිරීම සඳහා විශිෂ්ට ස්ථානයක් තෝරාගන්න.

වෙළඳාම හෝ ව්‍යාපාරය පළමු දින පටන් ආරම්භ කරන්න.
දක්ෂතාව රැකගන්න.
අභියෝගාත්මකව ඉදිරිපත් කරන්න.
ඔබේ ව්‍යාපාරය පිළිබඳ ව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන්න.

මෙම මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම තුළින් ඔබගේ නව ව්‍යාපාරය වඩාත් සාර්ථකත්වයට පත් කරගත හැකිවනු නොඅනුමානයි.
Reshali Balasubramaniam

Head of HR, HR Counselor and adviser at https://jobpal.lk and EFutureTech Systems. Submit your resume online and be contacted by prospective employers.

 

Uncategorized