කල් දැමීම නවත්වන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ

මිනිස් ස්වභාවය යනු අරුම පුදුම දෙයකි. එකී ස්වභාවය තුළ ඇති හැසිරීම් රටාවන් ගති පැවතුම් මෙන්ම පුරුදු එකිනෙකාට විවිධාකාරවේ.
දිනපතා අප කරනු ලබන සෑම ක්‍රියාවකම මෙන්ම අප ගන්නා සෑම තීරණයක ම අප සතුව ඇති කුඩා හෝ පුරුද්දක් ඇතුළත් වේ. බොහෝ විට මෙම පුරුදු වලින් සමහරක් හොඳ හෝ නරක විය හැකියි.
පෞද්ගලික ජීවිතයටත් ව්‍යාපාර ජීවිතයට එකසේ බලපාන බොහෝමයක් පුරුදු අතරින් බොහෝ දෙනෙකුට ඇති නරක පුරුද්දක් වන්නේ කල් දැමීමයි.
කල් දැමීම ඔබගේ හැකියාවන් සීමා කරයි. යටපත් කරයි. යම් විටක ඔබේ රැකියාව අහිමි වීමට හේතු විය හැකියි. එබැවින් එය වළක්වා ගැනීම සඳහා ක්‍රියාශීලී පියවර අනුගමනය කිරීම ඉතාම වැදගත්. එසේනම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා කල් දැමීමේ පුරුද්ද නවතා දැමිය හැකි වැදගත් පියවර කිහිපයක් පිළිබඳ දැනුවත් කිරීමටයි අද අපේ සූදානම. එම පියවරයන් වනුයේ,

1) ඔබගේ කාර්යයන් ලැයිස්තුගත කරන්න
2)
ඒවා කුඩා පියවරයන්ට වෙන් කරන්න.
3)
කාලසටහනක් නිර්මාණය කරන්න.
4)
ඔබගේ පරිසරය වෙනස් කරන්න.
5)
සාර්ථකත්වයට පත්වු වූ පුද්ගලයන් ගැන නිතරම අධ්‍යයනය කරන්න..
6)
ඔබේ ඉලක්ක සමීපතමයන්ට පවසන්න

7) සංකීර්ණ ක්‍රියා නවත්තන්න

1) ඔබගේ කාර්යයන් ලැයිස්තුගත කරන්න.
එක්තරා ආකාරයකට මෙය ඔබගේ දෛනික ලැයිස්තුවක් ලෙස ද හැඳින්විය හැකිය. ඔබ විසින් නියමිත වේලාවට සම්පූර්ණ කළ යුතු කාර්යන් පිළිවෙළින් කරන්න.ඉන්පසුව එය ප්‍රමුඛතාවය අනුව කටයුතු අංකනය කරන්න. මේ ආකාරයෙන් ඔබ එක් එක් කාර්යයන් ලැයිස්තුගත කරන විට අදාල කාර්යය පිළිබඳ නිසි අවබෝධයක් ලැබේ. මෙමගින් කාර්යයන් ඉක්මනින් නිමකිරීම පිලිබඳ හැගීමක් ද ඔබ තුළ ඇති වෙයි.
2) ඒවා කුඩා පියවරයන්ට වෙන් කරන්න.
අපගේ දුර්වල වීමට ඇති ප්‍රධානතම හේතුව අපගේ නොදැනුවත් බවයි. අපට වැඩ කිරීමට නියමිත කාල සීමාවක් ඇත. එම කාලසීමාව තුළ අප සතුව නිමකල යුතු වැඩ කොටසක් පවතී. ඒවා සියල්ලක්ම කුඩා කොටස් වලට වෙන් කරන්න. පසුව එක් එක් කොටස මත වෙන් වෙන්ව අවධානය යොමු කරන්න. එවිට ඔබට එම කාර්යයන් ඉතා සරල වනු ඇත. සෑම විටම හිතන්න “මේක හරිම සරලයි මට ඒක කරන්න පුළුවන්” කියලා.
3) කාලසටහනක් නිර්මාණය කරන්න.
ඔබේ නියමිත වැඩ කොටස සඳහා කාලය හා අවකාශය වෙන් කරන්න. ඒ සදහා කාල රාමුවක් පිළියෙල කරන්න. දිනපතා, සතිපතා, මාස්පතා ඔබට හිමි වැඩ කොටස හා ආරම්භක හා අවසාන වන වේලාවන් සියල්ලම එම කාල රාමුවට ඇතුලත් කරන්න. එය සෑමවිටම සටහනක් ලෙස තබා ගන්න. දිනපතා සෑම උදෑසනකම එම සටහන දෙස බලන්න. කාර්යයන් පහසුකර ගැනීමටත් මගහැරීම වළක්වා ගැනීමටත් මෙය ඉතාමත් ඵලදායී ක්‍රමයක් වනු ඇත.

 

4) ඔබගේ පරිසරය වෙනස් කරන්න.
ඔබේ ඵලදායීතාව විවිධ පරිසරයන් මත වෙනස්වේ. ඔබේ පරිසරය ඔබව ක්‍රියාශීලිව හා අවධියෙන් තබනවාද? නැතහොත් නින්ද්‍රාශිලී බව ජනිත කරන වාද? මෙසේ ඇතිවන සිතුවිලි සියල්ලටම හේතුව වන්නේ ඔබ පරිසරයයි. එම නිසා සෑම විටම පරිසරය ඔබට ප්‍රබෝධමත් වන අයුරින් පවත්වා ගැනීමට මතක තබා ගන්න. මෙය කල්දැමීම නවතා දැමිය හැකි තවත් එක් ඵලදායි ක්‍රමයක් වේ.

5) සාර්ථකත්වයට පත්වු වූ පුද්ගලයන් ගැන නිතරම අධ්‍යයනය කරන්න.
ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා සාර්ථක වූ චරිත පිළිබඳ කියවන්න. ස්ටීව් ජොබ් හෝ බිල් ගේට්ස් වැනි විද්වතුන්ගේ සාර්ථකත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන අධ්‍යයනය කරන්න. එහිදී ඔවුන් අනුගමනය කර ඇති මූලධර්ම පිළිබඳ අවබෝධයක් ඔබට ලැබේ. ඔබගේ අරමුණු , ඉලක්ක කරා සාර්ථක ලෙස ගමන් කිරීමට මෙය ඔබට අත්වැලක් සපයන අතර ඔබ තුළ පෙළඹවීමක් ද මෙමගින් ඇති කරයි.

6) ඔබේ ඉලක්ක සමීපතමයන්ට පවසන්න.
ඔබගේ ව්‍යාපෘති පිළිබඳ ඔබේ මිතුරන් සගයන් හෝ පවුලේ අය සමඟ කතා කරන්න. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව හොඳ ව්‍යාපෘතිය හෝ ක්‍රියාවේ ඇති ගැටලු දුර්වලතා ඔබට මඟ හරවා ගත හැකි වේ. එමෙන්ම එය පුරුද්දක් වශයෙන් තබා ගත් විට ඔබේ ක්‍රියාවන්හි ප්‍රගතිය නිසැකවම වර්ධනය වනු ඇත. එවිට කිසිදු ක්‍රියාවක් කල් නොදැමිමේ පෙළඹවීමක් ඔබ තුළින්ම නිර්මාණය වේ.

7) සංකීර්ණ ක්‍රියා නවත්තන්න.
කාලය අධික ලෙස වැය වෙන මහන්සිය දනවන සංකීර්ණ ක්‍රියාවන් නවතා දමන්න. එවැනි විටෙක ඔබ තුළ තිබෙන විඩාබර ගතිය පහව යාම සඳහා සංගීතයට සවන් දෙන්න. තවද කම්මැලිකම ඔබේ කාලය නිකරුනේ අපතේ දැමීමක් විය හැකි බැවින් කිසිදු විටෙක සංකීර්ණ ක්‍රියාවලි එකවර නොකරන්න. සැමවිටම ඔබට පහසු වන ආකාරයට නිරතවිය හැකි පරිදි එම කටයුතු හසුරවා ගන්න.

මෙම පියවර නිවැරදිව අනුගමනය කිරීම මගින් ඔබගේ කාර්යයන් වඩාත් හොඳින් නිම කිරීමට ඔබට හැකි වන අතර ඔබගේ අනාගත සාර්ථකත්වයට මනා පිටුවහලක් වනු නිසැකයි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

Development