ඔබට අවශ්‍ය නිවැරදි සීමාවාසික (Internship) පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද?

ජීවිතයේ අප පසු කරන කඩයිම් බොහෝමයි. ඒ අතරින් එක් තීරණාත්මක කඩයිමක් වන්නේ උසස් අධ්‍යාපනයයි. උසස් අධ්‍යාපනයෙන් පසු සෑම දෙනාගේම එකම සිහිනය වන්නේ තෘප්තිමත් වෘත්තියයි..
නූතන සමාජයේ ඇති තරගකාරීත්වය නිසාම වෘත්තීයක් තෝරා ගැනීම අප හිතන තරම් ලෙහෙසි පහසු නොවන කටයුත්තකි. ඊට හේතුව පූර්ව පුහුණු ක්‍රියා අත්දැකීම් හි ඌනතාවයයි.සීමාවාසික පුහුණුව මීට කදිම විසදුමයි.
සීමාවාසික පුහුණුව යනු උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යයාවක වැටුපක් සහිතව හෝ රහිතව යම් ආයතනයක වැඩ කිරීමයි. මෙහි මූලික අරමුණ වන්නේ ආයතනයේ රැකියාවක් කිරීමට අවැසි ප්‍රායෝගික පුහුණුව ලබාදීමයි. වෘත්තීයෙන් වෘත්තීයට මෙම සීමාවාසික පුහුණුව විවිධ වේ. එසේනම් අද අප සූදානම් වන්නේ වෘත්තීයක් සඳහා යොමු වීමට අවශ්‍ය නිවැරදි සීමාවාසික පුහුණුවක් තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ව ඔබව දැනුවත් කිරීමටයි.
සීමාවාසික පුහුණුවක් ආරම්භ කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතු කටයුත්තකි. එහිදී
• ඔබ කැමති ක්ෂේත්‍රය
• සීමාවාසික පුහුණු කාලය තුළ ලබා ගැනීමට හෝ වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන කුසලතා
• ඒ සඳහා ඔබගේ අධ්‍යාපනික හා පෞද්ගලික ඉලක්ක
• හොදම සීමාවාසික පුහුණු ස්ථානය
යන කරුණු කාරණා පිළිබඳ සැලකිලිමත් ඉතාම වැදගත්.

 
ඔබ යම් සීමාවාසික පුහුණුවක් ලබාගැනීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා ඔබට අවශ්‍ය උපදෙස් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1. ඔබේ වෘත්තීය මාර්ගයට අදාළ වීම.
2.
ආයතනය නිවැරදිව තෝරා ගැනීම.

  1. ජාලකරණයට ඇති හැකියාව
    4.
    කාලය නිසි ලෙස කළමනාකරණය කිරීම.
  2. කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය පුහුණුව ලබාගත හැකි වීම

    1. ඔබේ වෘත්තීය මාර්ගයට අදාළ වීම.
    ඔබ තෝරා ගන්නා සීමාවාසික පුහුණු (Internship) වැඩපිළිවෙළ ඔබේ අනාගත ජීවිතය සඳහා අදාළ විය යුතුය.
    ඒ සදහා නිවැරදි ඉලක්කයක් තිබීම අනිවාර්යය වන අතර මෙහිදී ඔබ
    සීමාවාසික පුහුණුව තෝරා ගැනීමට පෙර ඔබේ අපේක්ෂාවන් කුමක්දැයි නිවැරදිව තීරණය කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

    2) ආයතනය නිවැරදිව තෝරා ගැනීම
    මෙසේ ඉලක්ක පැහැදිලි වූ පසු, ඊළඟ තීරණය වන්නේ ඉලක්කය සපුරා ගැනීමට කුමන වර්ගයේ සංවිධානයක් තෝරා ගත යුතු ද යන්න තීරණය කිරීමයි. උදාහරණයක් ලෙස, විශේෂිත කාර්යයන් සහිත විශාල සමාගමක් හෝ සීමිත ව්‍යුහයක් සහිත කුඩා සමාගමක් සුදුසු විය හැකිය.
    සීමාවාසික පුහුණුව සඳහා ඔබ තෝරාගන්නා සමාගම පිළිබඳ සිතා බැලීමේ දී එය විශාල සමාගමක් හෝ කුඩා සමාගමක් විය හැකි නමුත් ඒ අතරින් වඩාත් සුදුසු කුමක්දැයි ද තීරණය කිරීම එතරම් පහසු නොවේ. මෙම ආයතනය වර්ග දෙකෙහි ම වාසි සහ අවාසි තිබේ. වාසි ලෙස විශාල සමාගමක වෙළඳ නාමයට ඇති පිළිගැනීමත් හා වඩා පළපුරුදු උපදේශකයින් සමඟ වැඩ කිරීමට ලැබෙන අවස්ථාවත් වන අතර අවාසි ලෙස විශාල සමාගම්වල ඇති තරඟකාරීත්වය හා සංවිධානයේ ඉහළ මට්ටමේ විධායකයින් සමඟ කටයුතු කිරීමේදී ඇති විය අරගලත් සදහන් කල හැකිය.
    එමනිසා කුඩා සමාගමක් මේ සඳහා තෝරා ගැනීම වඩාත් යෝග්‍යය වේ. නව අත්දැකීම් සහිත ව සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය ඇතුළු බොහෝ දෑ පිළිබඳ අවබෝධයක් ඉතාම පහසුවෙන් ඔබට මෙහිදී ලබා ගත හැකි වේ.

  3. ජාලකරණයට ඇති හැකියාව
    මෙම සීමාවාසික පුහුණුවේ දී ඔබට ආයතනික විධායක නිලධාරීන් සහ වෙනත් ව්‍යාපාරික නායකයින් හමුවීමට අවස්ථාව ඇති අතර එහිදී ඔබට ඉදිරියට යෑමට අවශ්‍ය වෘත්තීය නිපුණතා ඉගෙන ගැනීමටත්, වටිනා වෘත්තිය උපදේශයන් සහ වෘත්තීය හැකියාවන් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ. එබැවින් ජාලකරණය ඉතාමත් වැදගත් වන බව මතක තබා ගන්න.

  4. කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය පුහුණුව.
    මෙම සීමාවාසික පුහුණු (Internship) කාලය තුළදී, ඔබ කාර්යාලීය ව්‍යාපෘති සහ කාර්යාලීය පැවරුම් ආදිය සඳහා ප්‍රවේශ විය යුතුවේ. මෙම පුහුණුව විවිධාකාර කාර්යයන්ගෙන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන්නේ නම් ඒ සඳහා ඔබේ උනන්දුව අනිවාර්ය වනු ඇත.

 

  1. කාලය නිසි ලෙස කළමනාකරණය කිරීම..
    සීමාවාසික පුහුණුවක් (Internship) තෝරා ගැනීමේ දී ඔබට සුදුසු කාල වේලාවක් එම පුහුණුව සදහා යොදා ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ. මෙහිදී කාලය නිසි පරිදි කළමනාකරණය කරමින් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පුහුණු කටයුතු ඔබට හසුරුවා ගැනීම ඔබේ වගකීමයි
    උපාධිධාරියෙකු ලෙස මෙන්ම වෘත්තිමය අභිප්රායයන් ඇති වෘත්තීයමය අරමුණු සපුරා ගැනීම සඳහා මූලික වශයෙන්ම මෙම සාධක ප්රවේශමෙන් සලකා බැලිය යුතු බව මතක තබා ගන්න.

    සාරාංශය
    උපාධි පාඨමාලාවෙන් පසුව රැකියා ලබා ගැනීම සඳහා ඇති ඔබගේ හැකියාවන් දියුණු කර ගැනීමට හොඳම ක්‍රමය වන්නේ ඔබේ අධ්‍යාපන කාලය තුළ සීමාවාසික පුහුණුව සඳහා සහභාගී වීමයි. එහිදී ඔබ තෝරාගත් ක්ෂේත්‍රයේ අත්දැකීම්, ජාල සම්බන්ධතා සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි අයුරු, ආයතනික සංස්කෘතීන්, පරිසරයන් , ව්‍යුහයන් හා වැඩ කරන ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් ඔබට ලැබෙනු නිසැකයි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

 

Uncategorized