රැකියා ස්ථානයේ දී සේවකයන් මුහුණ දෙන පොදු ගැටළු මොනවාද?

එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී මුදල් ඉතාමත් වැදගත් මූලික අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ හැකිය. මුදලෙහි ඉල්ලුමත් මුදල් පරිහරණයත් සීග්‍රයෙන් ඉහළ යාම නිසා අද වන විට බොහෝ දෙනා මුදල් ඉපයීම සඳහා විවිධාකාරයේ රැකියාවන්හි නිරත වන ආකාරය දැකගන්නට පුළුවන.
තරගකාරී සමාජ රටාව තුළ නිශ්චිත රැකියාවක නියැලීම අපි හිතන තරම් ලේසි පහසු නොවනවන කටයුත්තකි. නූතන සමාජයේ සංකීර්ණත්වය හේතුවෙන් රැකියාවක් සොයාගැනීමත් එකී රැකියාවේ දිගු කාලයක් නිරතව සිටීමත් යම් අභියෝගයකි. කෙසේ හෝ ඔබ රැකියාවක් සොයා සොයාගත් පසු එකී රැකියාවේ නියැලීමේ දී ඔබට මුහුණදීමට සිදුවන පොදු ගැටලු කිහිපයක් පිළිබඳ අවබෝධයක් ලබාදීම අද අපේ සූදානම.

රැකියා ස්ථානයේ දී සේවකයන් මුහුණ දෙන පොදු ගැටළු මෙසේ සඳහන් කළ හැකිය
1. අඩු අභිප්‍රේරණය සහ රැකියා තෘප්තිය.
2.
දිගු වැඩ පැය
3.
අන්තර් පුද්ගල ගැටුම්
4.
කළමනාකරුවන්ගේ අකාර්යක්ෂම බව
5.
උපකරණ සහ පහසුකම් නොමැතිකම
6.
සන්නිවේදන ගැටළු
7.
අඩු වැටුප්

1. අඩු අභිප්‍රේරණය සහ රැකියා තෘප්තිය.

සාමාන්‍යයෙන් සේවකයන්ට අවශ්‍ය වන්නේ හොඳ රැකියාවක නිරතවීමයි . ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ සංවිධානයේ වටිනා සාමාජිකයෙකු බවට පත්වීම සහ ආයතනික ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ කළමනාකරුවන් හා ගනුදෙනුකරුවන් විශ්මයට පත් කිරීමයි. කෙසේවෙතත්, සමහර කළමනාකරුවන් විසින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ඉදිරියට ගෙන යන ප්‍රයත්නය හා දායකත්වය පිළිබඳ නොසැලකිලිමත් වීම නිසා සේවකයන්ට තම රැකියාව අහිමි වීමත් ඔවුන් රැකියාව ගැන සෑහීමකට පත් නොවීමත් සිදුවනු ඇත.

2. දිගු වැඩ පැය

රැකියාවක නිරතවීමේ දී පැවරී ඇති රාජකාරි හේතුකොටගෙන සේවකයින් එම කාර්යයක් හෝ ව්‍යාපෘතියක් නිම කිරීම සඳහා අමතර පැය ගණන් වැය කරනු ඇත. එහෙත්, සේවකයාගේ වැඩ කරන පැය වැඩිවන විට එය ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය හා පවුල් ජීවිතය කෙරෙහි බලපානු ඇත. එබැවින් කාලය නිසි පරිදි කළමනාකරණය කොට ගෙන රැකියාවේ නිරත වන ආකාරය පිළිබඳ ඔවුනට මනා පුහුණුවක් ලබාදිය යුතු අතර කළමනාකරුවන් විසින් කිසි විටෙකත් තම සේවකයින්ව දිගු කාලයක් හෝ දිගු පැය ගණනක් රැකියාවේ රඳවා තබා ගැනීම සිදු නොකළ යුත්තක් බව මතක තබා ගන්න.

3. අන්තර් පුද්ගල ගැටුම්

ආයතනයට සේවකයන් බඳවා ගැනීමේදී සුදුසුකම් සහිත පුද්ගලයින් තෝරාගත යුතු අතර දේශපාලනික හෝ ආයතනයේ අභ්‍යන්තර පුද්ගලයින්ගේ බලපෑම් මත සුදුසුකම් සැලකිල්ලට නොගෙන බඳවා ගන්නා ලද පුද්ගලයින් සෑම විටම අන්තර් පුද්ගල ගැටුම් ඇතිවීමට හේතු වේ. තවද ඉහළ සුදුසුකම් ඇති පුද්ගලයින් සේවක තනතුරේ සිටීමත් එවැනි සුදුසුකමක්වත් නොමැති පුද්ගලයින් කළමණාකරන තනතුරේ සිටීමත් ආයතනයක ගැටුම් සඳහා හේතුවන තවත් කරුණු කාරණා කිහිපයකි.

4. උපකරණ සහ පහසුකම් නොමැතිකම

සේවකයින් විසින් භාවිතා කරනු ලබන උපකරණ වර්ගය සහ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. උපකරණ සහ පහසුකම් සඳහා ප්‍රාග්ධන , මෙහෙයුම් සදහා වැය වන වියදම ඉතා ඉහල ප්‍රතිශතයක පැවතුනත් ආයතනයට අවශ්‍ය හා සේවකයින්ට භාවිත කළ හැකි උපකරණ හා පහසුකම් ආයතන ප්‍රධානීන් විසින් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් ආයතනික දෛනික කාර්යයන් අකාර්යක්ෂම වනු නිසැකයි.
5. කළමනාකරුවන්ගේ අකාර්යක්ෂම බව

ධනාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළ සේවකයින් සඳහා හොඳ ආදර්ශයක් සපයන කළමනාකරුවන් අත්‍යවශ්‍ය වේ. ආයතන සාර්ථකත්වය ටත් සේවකයින්ගේ රදා පැවැත්මටත් කලමනාකරුවන් සතු කාර්යක්ෂමතාවය ඉතාමත් වැදගත් බව හොඳින් අවධාරණය කර ගන්න.

6. සන්නිවේදන ගැටළු

ඕනෑම රැකියාවක සන්නිවේදනය ඉතාමත් වැදගත් අංගයක් වනු ඇත. ආයතනයේ ප්‍රධානියාගේ සිට පහලතම සේවකයා දක්වා සන්නිවේදනය නිසි අයුරින් සිදු විය යුතුය. එසේ නොවුණහොත් සන්නිවේදන ගැටලු ඇතිවීම මඟින් ආයතනය තුල සේවකයින් අතර යම් යම් ගැටුම් , මතවාද ඇතිවිය හැකිය. එබැවින් සේවකයින් කළමනාකරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය නිවැරදිව භාවිතා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න

 

අඩු වැටුප්

මෙය ඉතාමත් ගැටලූකාරි අවස්ථාවකි.
ඔහු හෝ ඇය පොරොන්දු වූ හෝ ගිවිසුම්ගත වැටුප හෝ වැටුප් වැඩිවීමක් නොලැබුණහොත් එම ගැටලුව විසඳීමට එම සේවකයා පිළිබඳ සලකා බැලීම අනිවාර්ය කරුණකි. ඒ සඳහා ඔබගේ කලමනාකරු සමඟ රැස්වීමක් සැලසුම් කිර එහිදී ප්රක්ෂේපිත වැටුප ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසා බලන්න. සමහර අවස්ථාවන්හීදී ලිපිකාරක දෝෂ හෝ වැරදි වැටහීම් තිබිය හැකි වුවද එසේ නොමැති නම්, එකඟ වූ වැටුප ක්‍රියාත්මක කිරීමට කළ හැකි දේ විමසන්න. මෙය
ආයතනයේ ප්‍රධානියාගේ වගකීමක් බව හොඳින් මතක තබා ගන්න.

සාරාංශය

වැඩබිම සාමාන්‍යයෙන් වෙනස් පුද්ගලයන්, වෙනස් සන්නිවේදන ස්වරූපයන් සහ වෙනස් දර්ශන එකිනෙකට සම්බන්ධ වන පරිසරයකි. මෙම වෙනස්කම් රැකියා ස්ථානවල ගැටළු වලට බලපෑහැකි මූලාශ්‍ර වේ.
සියලුම සේවකයින්ට එක ලෙස සාධාරණව සැලකීමත් පවතින ගැටළුවලට සාධාරණ විසඳුම් ලබා දීමත් ආයතනය තුළ සුදුසුකම් ඇති පුද්ගලයන්ට සුදුසු ස්ථානය ලබා දීමත් කිසිදු වෙනස්කමකින් හෝ හිරිහැරයකින් තොරව සේවකයන්ව ආයතනය සුරක්ෂිතව රඳවා තබා ගැනීමත් මගින් ආයතනයේ සේවකයින්ට මුහුණ දෙන ගැටළු මගහරවා ගැනීමට හැකිවනු නොඅනුමානයි.

 

සැකසුම
බිනාලි රාජපක්ෂ

company culture, Development, Employees