ව්‍යාපාරයක සාර්ථකත්වය උදෙසා සේවකයින් රඳවා තබා ගැනීම පිළිබඳ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය විසින් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්…

සේවකයින් යනු ආයතනයක ජීවනාලියයි. එහි සාර්ථක ධාවනයට සහ ලාභ ඉපැයීමට
ඔවුන්ගෙන් වැය වන ශ්‍රමය අප්‍රමාණයි.

වර්තමාන තත්වය තුළ, සංවිධානයකට ඇති ප්‍රධානතම අභියෝගයක් වන්නේ එහි වටිනා හා දක්ෂ සේවකයින් එම සංවිධානයේ හෝ ආයතනයේ රඳවා ගැනීමයි.

ආයතනයෙන් ඉවත්ව යන සේවකයින්ගේ ගැටලුව විශාල වශයෙන් පාලනය කිරීමට ආයතනයේ කළමනාකාරිත්වයට හැකි නමුත් එය සම්පූර්ණයෙන් නැවැත්විය නොහැකි ය.

එසේනම් අද අප සූදානම් වන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වය උදෙසා සේවකයින් රඳවා තබාගැනීම පිළිබඳ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය විසින් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් වීමට යි.

ඒ අනුව සේවකයන් රඳවා තබා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද දැන් ඒ පිළිබඳ අවධානය යොමු කරමු.

සේවකයන් රඳවා තබා ගැනීම පිළිබඳ කතාබහ කිරිමේදී
සේවකයින් රඳවා තබා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ සේවකයින්ට ආයතනයකට දිගු කාලයක් රැඳී සිටීමට ඉඩ සලසන විවිධ ප්‍රතිපත්ති හා භාවිතයන් ය . සෑම ආයතනයක්ම නව සේවකයකු තෝරා ගැනීම සඳහා කාලය හා මුදල් ආයෝජනය කරයි, ඔහු ආයතනික සූදානම් ද්‍රව්‍යයක් බවට පත් කරයි. මෙවැනි සේවකයකු පූර්ණ පුහුණුව ලැබීමෙන් පසු සිය රැකියාවෙන් ඉවත් වන විට සංවිධානය සම්පූර්ණයෙන්ම පාඩු ලබයි.  වළක්වාගැනීමට කළ යුත්තේ සේවකයෙකු රඳවා තබා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කිරීමයි.

තවද සමාගමක දිගු කාලයක් රැඳී සිටින විශ්වාසවන්ත සේවකයින්ට එකී සමාගම විසින් පහසුකම් සපයන අතර එමඟින් පාර්ශවකරුවන් දෙදෙනාටම ප්‍රතිලාභ සැලසෙනු ඇත.

සේවකයින් රඳවා ගැනීමේ අරමුණු කිහිපයක් පිළිබඳව මෙසේ විමසා බලමු.

1. නව කුසලතා ආකර්ශනය කර ගැනීම.

සංවිධානයකට නිවැරදි සම්පත් ආකර්ෂණය කර ගැනීම, කුලියට ගැනීම සහ රඳවා ගැනීම ඉතා වැදගත් වේ. නව කුසලතා ආකර්ශනය කර ගැනීම හා බඳවා ගැනීම සම්බන්ධයෙන් බොහෝ සංවිධාන ඉතා ඵලදායි වන නමුත් එකම කුසලතා රඳවා ගැනීමට සමහර අවස්ථාවන් වලදී ඔවුන් අසමත් වේ.

2. සේවකයන්ගේ ඉවත් වීමේ ප්‍රතිශතය අවම කරගැනීම.

පර්යේෂණයන් පවසන්නේ බොහෝ සේවකයින් තම ඉහළ නිලධාරීන් හෝ වෙනත් කණ්ඩායම් සාමාජිකයන් සමඟ ඇති වන කලකිරීම් සහ ගැටලු සේවකයන්ගේ ඉවත් වීම්වලට හේතු සහගත වන බවයි. සමහර අවස්ථාවල ඇතිවන වැටුප් විෂමතා , වර්ධන අපේක්ෂාවන් නොමැතිකම සහ වෙනස් කම් සේවක ඉවත්වීම සඳහා උදාහරණ කිහිපයකි.
මෙසේ සිදුවන සේවකයන්ගේ ඉවත් වීම අවම කර ගැනීම සඳහා
සියලුම සේවකයින්ට එක ලෙස සාධාරණව සැලකීමත් පවතින ගැටළුවලට සාධාරණ විසඳුම් ලබා දීමත් ආයතනය තුළ සුදුසුකම් ඇති පුද්ගලයන්ට සුදුසු ස්ථානය ලබා දීමත් කිසිදු වෙනස්කමකින් හෝ හිරිහැරයකින් තොරව සේවකයන්ව ආයතනය සුරක්ෂිතව රඳවා තබා ගැනීමත් මගින් ආයතනයේ සේවකයින්ට මුහුණ දෙන ගැටළු මගහරවා ගැනීමට හැකිවනු ඇත.

3. සේවකයින් රඳවා ගැනීමේ අනුපාතය වැඩි දියුණු කිරීම සඳහා වන මූලික සැලසුම් ක්‍රියාත්මක කිරීම.

දක්ෂ සේවකයින් රඳවා තබා ගැනීම සඳහා මානව සම්පත් දෙපාර්තමේන්තුවට හා කළමනාකරුවන්ට නිවැරදි මෙවලම් ලබා දිය යුතුය. රඳවා ගැනීමේ ප්‍රතිපත්තිය පවත්නා කොන්දේසි අනුව වෙනස් කළ හැකි නම්‍යශීලී යෝජනා ක්‍රම සමඟ සැලසුම් කළ යුතුය. සේවකයාට බලපෑම් කළ හැක්කේ කළමනාකරුට වන නමුත් සේවකයින්ට තම අවශ්‍යතා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මෙවලම් හා නාලිකා කළමනාකරුවන්ට හා මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතුය.

සේවකයින් රඳවා තබා ගැනීම වාර්තා සමඟ කටයුතු කළ හැකි කාරණයක් පම
නොවේ. එය තනිකරම රඳා පවතින්නේ සේවා යෝජකයින් විසින් සේවකයින්ගේ විවිධ අවශ්‍යතා තේරුම් ගන්නේ කෙසේද සහ ඔවුන්ට අවශ්‍ය විටෙක ඔවුන්ගේ ගැටලුව විසඳීමට ඔවුන් උපකාර කරන්නේ කෙසේද යන්න මතය.

සෑම ආයතනයක්ම සේවකයන් සමඟ කාලය ගත කරන අතර නව සේවකයින් තෝරා ගැනීම සඳහා මුදල් ආයෝජනය කර ඔවුන් ආයතනයට අවශ්‍ය පරිදි සූදානම් කරවයි. එවැනි සේවකයින් පූර්ණ පුහුණුව ලැබීමෙන් පසු ඉවත් වුවහොත් සංවිධානයට සම්පූර්ණ වන පාඩු අවම කරගැනීම සඳහා මෙම ක්‍රියාදාමයන් නිවැරදිව අනුගමනය කිරීම සිදුකළ යුතු බව මතක තබාගන්න.

සාරාංශය

ආයතනයක වැඩි කාලයක් රැඳී සිටින සේවකයින් ආයතනය පිළිබඳ වඩා හොඳින් දැන ගැනීමටත් ඒ කෙරෙහි බැඳීමක් ඇති කර ගැනීමටත් පෙළඹේ. දිගු කාලයක් රැඳී සිටින සේවකයින්ට සමාගමේ ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ මෙන්ම නීති රීති පිළිබඳව හුරුපුරුදු වන අතර එමඟින් බිහිවන සේවකයින් ආයතනය ඵලදායීතාවයටත්  සාර්ථකත්වයටත් අප්‍රමාණ දායකත්වයක් සපයයි.

සැකසුම
බිනාලි රාජපක්ෂ

best employees, best employees, company culture, Development, Employees, Recruitment